MAR
27
ජපානයේ විශ්‍රාම යෑමේ වයස 61 දක්වා වැඩි කෙරේ

ජපානයේ ජාතික සහ ප්‍රාදේශීය සිවිල් සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස අප්‍රේල් මස ආරම්භයේදී 60 සිට 61 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
ඒ රටේ ශ්‍රම හිඟය පියවීමේ ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස ය.
මේ අනුව 2031 වර්ෂයේදී එය 65 දක්වා ළඟා වන තෙක් සෑම වසර දෙකකට වරක් විශ්‍රාම යන වයස වසරකින් වැඩි කරනු ලැබේ.
පෞද්ගලික අංශයේ සමාගම් ද එවැනි පියවරක් ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරේ.
කෙසේවෙතත් රාජ්‍ය විශ්‍රාම වැටුප් වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීම නිසා වයස අවුරුදු 60 දී විශ්‍රාම යන අයට ආදායමක් නොමැති කාල සීමාවක් හිමිවේ.
280 Views
Comments