ළමයෙකු ලුහුබැඳි නාඳුනන පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

ළමයෙකු ලුහුබැඳි නාඳුනන පුද්ගලයෙකු සොයා පරීක්ෂණ

ළමයෙකු ලුහුබැඳි නාඳුනන පුද්ගලයෙකු සොයා පරීක්ෂණ

පෙරේදා(15) සවස 5.00 ට පමණ ඔගෝරි නගරයේ මිසාවා හි වීදියක නිවසට යමින් සිටි පිරිමි ළමයෙකු නාඳුනන පුද්ගලයෙකු විසින් ලුහුබැඳ තිබේ.

 

කෙසේවෙතත් ළමයාට අනතුරක් සිදුව නොමැති අතර ඔහු ඉක්මනින් නිවසට දිව ගොස් තිබේ.

 

අදාල පුද්ගලයා වයස අවුරුදු 60-70 ක් පමණ වන අතර උස සෙන්ටිමීටර 170ක් පමණ වන බව වාර්තා වේ.

 

ඔහුට කොට පැසුණු හිසකෙස් ඇති අතර කළු වෙස් මුහුණක් සහ කොළ පැහැති තොප්පියක් පැළඳ සිට ඇත.

 

මෙම පුද්ගලයා සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

views

262 Views

Comments

arrow-up