ජපන් එයාර්ලයින්ස් වෙබ් අඩවියේ දෝෂයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

ජපන් එයාර්ලයින්ස් වෙබ් අඩවියේ දෝෂයක්

ජපන් එයාර්ලයින්ස් වෙබ් අඩවියේ දෝෂයක්

ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීම සහ මිලදී ගැනීම සඳහා ජපන් එයාර්ලයින්ස් එහි වෙබ් අඩවියට ප්‍රවේශ වීමට නොහැකි වී තිබේ.

 

ඒ අනුව වෙබ් අඩවිය හරහා අප්‍රේල් 12 සහ ඉන් පසුව දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට හෝ මිලදී ගැනීමට ගනුදෙනුකරුවන්ට නොහැකි විය.

 

සමාගම පවසන්නේ මෙම ගැටලුව විසඳීම සඳහා වෙබ් අඩෙවිය හරහා දේශීය ගුවන් ටිකට්පත් අලෙවිය වන "JAL Smile Campaign" අත්හිටුවීමට තීරණය කළ බවයි.

 

එය නැවත ආරම්භ කරන්නේ කවදාද යන්න තීරණය කර නොමැති බවත් ගැටලුව නිසා ඇති විය හැකි කිසියම් අපහසුතාවයක් සඳහා අවංකව සමාව අයදින බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

 

views

257 Views

Comments

arrow-up