APR
27
මෝටර් රථයක් හා ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු මරුට

ඊයේ (26) උදෑසන ගුන්මා ප්‍රාන්තයේ ඔටා නගරයේ සෙරාඩා-චෝ හි මංසන්ධියකදී මෝටර් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටී ඇත.
ඔටා පොලිස් ස්ථානයට අනුව අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකු මියගොස් ඇති බව තහවුරු විය.
මෝටර් රථය මංසන්ධියේදී දකුණට හැරීමට සූදානම් වූ විට වමෙන් කෙළින්ම පැමිණි ට්‍රක් රථයේ ගැටෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. අනතුරට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
240 Views
Comments