APR
11
සුපිරි වෙළඳසැලකට කඩා වැදී පාරිභෝගිකයින්ට පහර දුන් අයෙක් කොටුවේ

සුපිරි වෙළඳසැලක පාරිභෝගිකයින්ට පහර දී මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට 56 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු ඕසකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ ඉරිදා පස්වරු 6.30ට පමණය. Hirano Ward හි Super Sanko සුපිරි වෙළඳසැලට ඇතුලු වූ මසාෆුමි අයිඩා නම් සැකකරු 85 හැවිරිදි කාන්තාවකගේ හිසට පහර දී ඇත.
ඊට පසු ඔහු 40 හැවිරිදි පිරිමි සේවකයෙකුට සහ ගනුදෙනුකරුවන් දෙදෙනෙකුට පහර දී තිබේ.
ඔවුන් තිදෙනාට සුළු තුවාල සිදුවී ඇති බව පොලිසිය පවසයි.
කෙසේවෙතත් ගබඩා සේවකයෙකු පොලිසිය පැමිණෙන තෙක් ඔහුව අල්ලාගෙන සිටීමට සමත් විය.
231 Views
Comments