JR Nagoya දුම්රිය ස්ථානයේ සේවකයෙකු දුම්රිය මාර්ගයට ඇද වැටේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

JR Nagoya දුම්රිය ස්ථානයේ සේවකයෙකු දුම්රිය මාර්ගයට ඇද වැටේ

JR Nagoya දුම්රිය ස්ථානයේ සේවකයෙකු දුම්රිය මාර්ගයට ඇද වැටේ

ඊයේ (30) ප.ව. 12.35 ට පමණ JR Nagoya දුම්රිය ස්ථානයේ Shinkansen වේදිකාවේදී 30 හැවිරිදි පිරිමි දුම්රිය සේවකයෙකු දුම්රිය මාර්ගයට ඇද වැටී තිබේ.

 

ඔහුගේ හිසට මැහුම් හතරක් දමා ඇති නමුත් තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය.

 

ඔහු දුම්රිය වේදිකාවේ වැට අසල ආරක්‍ෂාව පරීක්‍ෂා කරමින් සිටියදී දුර්වල ශාරීරික තත්ත්වය හේතුවෙන් සිහිසුන්ව ඇද වැටී තිබේ.  තවත් දුම්රිය සේවකයෙක් එය දැක හදිසි නැවතුම් බොත්තම එබුවේය.  

 

අනතුර හේතුවෙන් Tokaido Shinkansen විනාඩි 44ක් ප්‍රමාද වූ අතර 43,000කට පමණ බලපෑම් එල්ල විය.

views

272 Views

Comments

arrow-up