කසායි සේවා ප්‍රදේශයේ මෝටර් රථයක මළ සිරුරු 3ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

කසායි සේවා ප්‍රදේශයේ මෝටර් රථයක මළ සිරුරු 3ක්

කසායි සේවා ප්‍රදේශයේ මෝටර් රථයක මළ සිරුරු 3ක්

ඊයේ (28) පස්වරු 1.45 ට පමණ හ්යෝගෝ ප්‍රාන්තයේ කසායි නගරයේ චුගෝකු අධිවේගී මාර්ගයේ කසායි සේවා ප්‍රදේශයේ පහළ වාහන අංගනයේ මගී මෝටර් රථයක තිබී තිදෙනෙකුගේ මළ සිරුරු සොයා ගන්නා ලදී.

 

ප‍්‍රාදේශිය පොලිසියට අනුව මොවුන් වයස අවුරුදු 70 ක පිරිමි පුද්ගලයෙකු, 40 හැවිරිදි කාන්තාවක් සහ වයස හඳුනා නොගත් කාන්තාවක් බව වාර්තා වේ.

 

ප‍්‍රාදේශිය පොලිසිය විසින් මොවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරමින් සිටී.

 

ප්‍රාදේශීය ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව මෝටර් රථයේ දොර අගුළු දමා තිබූ අතර සිරුරේ කම්පනයක සලකුණු දක්නට නොලැබුණි.

views

247 Views

Comments

arrow-up