Chuo අධිවේගී මාර්ගයේ ට්‍රක් රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටේ

ඊයේ (21) සවස 2.50 ට පමණ Yamanashi ප්‍රාන්තයේ Hokuto නගරයේ Chuo අධිවේගී මාර්ගයේ ට්‍රක් රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදු විය.
අනතුරෙන් පිරිමින් සහ කාන්තාවන් 9 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
ප්‍රාන්ත පොලිස් අධිවේග බළකායට අනුව හයිගෝ ප්‍රාන්තයේ හිමේජි නගරයේ සිට 57 හැවිරිදි පිරිමි රියදුරෙකු විසින් පැදවූ විශාල ටැංකි ට්‍රක් රථයක් තෝකියෝ හි ෂිබුයා වෝඩ් සිට 55 හැවිරිදි අයෙක් පැදවූ මෝටර් රථයක ගැටී ඇත. මේ හේතුවෙන් රථවාහන තදබදයක් ද ඇති වූ අතර තවත් මෝටර් රථ තුනක්ද ගැටීමෙන් විශාල අනතුරක් බවට පත් විය.
255 Views
Comments