හනෙඩා ගුවන් තොටුපළේ 2 වන පර්යන්තය නැවත විවෘත කෙරේ

තෝකියෝ හි හනෙඩා ගුවන් තොටුපළ ඊයේ (19) 2 වන පර්යන්තය ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රදේශය නැවත විවෘත කරන ලදී.කොරෝනා වසංගතය හේතුවෙන් පර්යන්තයේ එම කොටස වසා දමන ලදී.
ටර්මිනල් 2 යනු හනෙඩා ගුවන් තොටුපලේ අභ්‍යන්තර පර්යන්ත වලින් එකකි. වසංගතය හේතුවෙන් එය ක්‍රියාත්මක වීමට පටන් ගෙන සති දෙකකට පසුව එම ප්‍රදේශය වසා දැමීමට ගුවන් තොටුපල බලධාරීන්ට සිදුවිය.
ඉන් පසුව ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ටර්මිනල් 3 පමණක් භාවිතා කරන ලදී. ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ඉල්ලුම වැඩි වී ඇති බැවින් ජාත්‍යන්තර ගුවන් ගමන් කලාපය නැවත විවෘත කිරීමට ගුවන් තොටුපල ක්‍රියාකරු තීරණය කළේය.
342 Views
Comments