MAR
15
ඉම්පීරියල් මාළිගය සකුරා මල් නැරඹීමට විවෘත කෙරේ

සකුරා මල් නැරඹීමේ සමයේදී ඉම්පීරියල් පැලස් සහ ඉනුයි-ඩෝරි වීදිය 25 සිට අප්‍රේල් 2 දක්වා දින නවයක් මහජනතාව සඳහා විවෘතව පවතින බව ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය අද(15) නිවේදනය කළේ ය.
කොරෝනා වසංගතය හේතුවෙන් වසර හතරකට පසු වසන්තයේ දී මෙම උත්සවය පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.
ඒ අනුව ජනතාවට පෙරවරු 9.00 සිට පස්වරු 3.30 දක්වා සකුරා මල් නැරඹීම සඳහා අවස්ථාව ලැබේ.
කෙසේනමුත් සමීපව සිටින අන් අය සමඟ කතා කරන විට මුහුණු ආවරණයක් පැළඳ සිටින ලෙස ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
257 Views
Comments