MAR
24
ජපානයේ පාපැදිකරුවන්ට නව නීතියක්

තෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව අපේ‍්‍රල් 1 වැනිදා සිට හිස්වැසුම් පළඳින ලෙස පාපැදිකරුවන්ගෙන් ඉල්ලා සිටී.
පොලිසියට අනුව පසුගිය වසරේ තෝකියෝවේ පාපැදිකරුවන් සම්බන්ධ අනතුරු 13,000 කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති අතර එය අගනගරයේ රථවාහන අනතුරු වලින් 46% ක් පමණ වන බව වාර්තා වේ.
මෙම අනතුරුවලින් පාපැදිකරුවන් 30 දෙනෙක් මිය ගිය අතර ඔවුන් කිසිවකු හෙල්මට් පැළඳ නොසිටි බවද පොලිසිය පවසයි. මීට අමතරව පසුගිය වසර පහ තුළ මාරාන්තික බයිසිකල් අනතුරුවලින් 70% ක්ම හිස තුවාල හේතුවෙන් සිදු විය.
304 Views
Comments