MAR
31
සකුරා බැලීමට ගිය සකු අතුරුදන්

චිබා ප්‍රාන්තයේ ඉචිකාවා නගරයේ පදිංචි සකු යෝෂිඩා නම් තුන් හැවිරිදි දරුවෙක් ඊයේ (30) පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
දරුවා ඊයේ සවස 4.00 ට පමණ නගරයේ සකුරා සුත්සුමි උද්‍යානයට වැඩිහිටියන් 3 දෙනෙකු සහ දරුවන් 6 දෙනෙකු සමඟ සකුරා මල් නැරඹීමට ගොස් තිබේ.
ඒ අවස්ථාවේදී ඔහු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් නිලධාරීන් 100ක් පමණ උද්‍යානය අවට ප්‍රදේශය සහ ඒ ආසන්නයේ පිහිටි එඩෝ ගඟ ආශ්‍රිතව සෝදිසි කළද කිසිදු හෝඩුවාවක් ලැබී නැත.
231 Views
Comments