තායිවාන හා හොංකොං වැසියන්ගේ ප්‍රියතම ප්‍රාන්තය ලෙස හොක්කයිඩෝ පත්වේ

ජපානය පිලිබඳ සංචාරක තොරතුරු වෙබ් අඩවියක් ක්‍රියාත්මක කරන Geely Media Group නිවේදනය කළේ තායිවාන සහ හොංකොං වැසියන් යොදාගෙන සිදුකරන ලද සමීක්ෂණයකින් ඔවුන් ජපානයේ වඩාත්ම කැමති ප්‍රාන්තය ලෙස හොක්කයිඩෝ පත් වී ඇති බවයි.
කොරෝනා වසංගතය පහව ගිය පසු ජපානයට පැමිණෙන සංචාරකයින් වැඩි උනන්දුවක් දක්වන ප්‍රදේශ මොනවාදැයි සොයා බැලීම සඳහා පෙබරවාරි මස අගදී මාර්ගගත සමීක්ෂණයක් පවත්වන ලද අතර පුද්ගලයින් 4,711 ක් එයට ප්‍රතිචාර දක්වා ඇත.
ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 64.57% ක් හොක්කයිඩෝ තෝරාගෙන තිබුණි. තෝකියෝ එහි දෙවන ස්ථානයත්, තෙවන ස්ථානය Kyoto සහ සිව්වන ස්ථානය Osaka ත් දිනාගෙන තිබුණි.
456 Views
Comments