ජේ.ආර්.මචිඩා ස්ටේෂන් ඉදිරිපිටදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

තෝකියෝවේ මචිඩා නගරයේ ජේ.ආර්.මචිඩා ස්ටේෂන් ඉදිරිපිටදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට 58 හැවිරිදි පුද්ගලයෙකු අද (27) අලුයම අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා මචිඩා පොලිස් ස්ථානය වෙත මාරුකර යවා ඇත.
ඊයේ (26) රාත්‍රී 7.35 ට පමණ මචිඩා ස්ටේෂන් ඉදිරිපිට කෝපි හලකදී වයස අවුරුදු 50 ක පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් මියගියේය.
ඔහු මැර කල්ලියකට සම්බන්ධ අයෙකු බවට සැක කෙරෙන අතර ඔහුගේ බඩ ඇතුළු අවම වශයෙන් ස්ථාන තුනකට වෙඩි වැදී ඇත.
වෙඩි තැබීමෙන් පසුව සැකකරු මෝටර් රථයකින් පැන ගිය බව මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
230 Views
Comments