අතුරුදන් වූ හෙලිකොප්ටරයේ ඉන්ධන ටැංකියක් සොයා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

අතුරුදන් වූ හෙලිකොප්ටරයේ ඉන්ධන ටැංකියක් සොයා ගැනේ

අතුරුදන් වූ හෙලිකොප්ටරයේ ඉන්ධන ටැංකියක් සොයා ගැනේ

ගොඩබිම් ආත්මාරක්ෂක බලකායේ 8 වන සේනාංකයේ අණදෙන නිලධාරියා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු රැගත් හෙලිකොප්ටර් යානයක් ඔකිනාවා ප්‍රාන්තයේ මියාකෝ දූපත ආසන්නයේදී අතුරුදහන් විය.  

 

එහි ඉන්ධන ටැංකියක් යැයි සැලකෙන කොටසක් අද (10) සොයා ගැනිණි. මේ වනවිට ස්වයං-ආරක්ෂක බලකායන් විසින් දිය යට ගවේෂණ හැකියාව ඇති සබ්මැරීනයක් සිද්ධිය වූ ස්ථානයට යවා ඇති අතර කාර්ය මණ්ඩලය සහ ගුවන් යානාව සොයා ගැනීම වේගවත් කිරීම සඳහා වෙරළ තීරයේ සෝදිසි කිරීම් ද වේගවත් කර තිබේ.

 

මේ අතර ඉරබු දූපතේ උතුරු වෙරළ තීරයේ 08 වැනිදා රාත්‍රියේ මිනිස්සු පාවෙමින් සිටින බවට තොරතුරු ලැබී තිබූ අතර එහිදි ස්වයං ආරක්ෂක බලකාය සහ ජපාන වෙරළාරක්ෂක බලකාය දැඩි සෝදිසි මෙහෙයුමක් සිදුකළ නමුත් අතුරුදන්වූවන් සොයා ගැනීමට නොහැකි විය.

 

views

218 Views

Comments

arrow-up