සාගා ප්‍රාන්තයේ පුරාණ සොහොනක කැණීම් ඇරඹේ

බටහිර ජපානයේ සාගා ප්‍රාන්තයේ පුරාවිද්‍යා නිලධාරීන් විසින් පුරාණ සොහොනක් කැණීම ආරම්භ කර ඇත.
ප්‍රවීණයන් පවසන්නේ යොෂිනොගරි නටබුන් වල ඇති මෙම සොහොන පළමු සහ තුන්වන සියවස් අතර යායෝයි යුගයේ අග භාගයේ සිට පැවත එන බවයි.
ඊයේ (05) උදෑසන ඔවුන් බර යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් ගල් මිනී පෙට්ටියේ පියනෙහි හතරෙන් තුනක් ඉවත් කරන ලදී.
ඔවුන් එහි තිබී රතු වර්ණකයක සලකුණු සොයා ගන්නා ලදී. යායෝයි යුගයේ සිට බලගතු පුද්ගලයන්ගේ බොහෝ සොහොන් රතු පැහැයෙන් වර්ණාලේප කර ඇති බව ඔවුහු පවසති.
269 Views
Comments