සයිටමා ප්‍රාන්තයේ ගුරුවරයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්

සයිටමා ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ප්‍රාථමික පාසලක 44 හැවිරිදි පිරිමි ගුරුවරයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බව ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය ඊයේ (13) නිවේදනය කළේය.
ඒ අනුව ඔහුගේ වැටුප 1/10කින් අඩු කර තිබේ.
ඔහු පසුගිය වසරේ දෙසැම්බර් 07 වැනිදා පාසල් දිවා ආහාර වේලාව අවසන් වීමට පෙර අසුනෙන් පිටව ගිය දෙවැනි ශ්‍රේණියේ පිරිමි ළමයෙකුව දිගු කඹයකින් පුටුවක බැඳ තිබේ.
කෙසේවෙතත් දරුවාට තුවාල සිදුවී නැත.
මෙම දරුවා බුද්ධිමය ආබාධයකින් පෙළුණ දරුවෙකු බවද වාර්තා වේ.
290 Views
Comments