පොලිසියේ අත්වැරදීමෙන් මළ සිරුරු දෙකක් මාරු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

පොලිසියේ අත්වැරදීමෙන් මළ සිරුරු දෙකක් මාරු වේ

පොලිසියේ අත්වැරදීමෙන් මළ සිරුරු දෙකක් මාරු වේ

හ්යෝගෝ ප්‍රාන්ත පොලිසියේ කකෝගාවා පොලිස් ස්ථානයේ තැන්පත් කර තිබූ මළසිරුරු දෙකක් මාරු වී ඔවුන්ගේ පවුල්වලට භාර දී තිබේ.

 

සිරුරු ආදාහනයෙන් පසුව මෙය අනාවරණය වූ අතර පොලිසිය පවුල් දෙකෙන්ම සමාව ඉල්ලා ඇත.

 

පොලීසිය සඳහන් කළේ 69 හැවිරිදි පුද්ගලයෙකුගේ සහ 66 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරු මෘත ශරීරාගාරයේ තට්ටු දෙකක ශීතකරණයක් තුළ තැන්පත් කර තිබී ඇති අතර දෙදෙනාටම එකම වාසගම තිබූ බවයි.

 

ඒ අනුව 66 හැවිරිදි පුද්ගලයාගේ පවුලේ අය දේහය රැගෙන යාමට පැමිණි විට පොලිස් නිලධාරීන් වැරදීමකින් 69 හැවිරිදි පුද්ගලයාගේ දේහය භාර දී තිබේ.

views

264 Views

Comments

arrow-up