AUG
01
ජපාන හිටපු අගමැති හා ජනපති රනිල් අතර හමුවක්

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් තෝකියෝ හිදී පැවැත්වීය.
ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය සඳහා වූ ජපාන රජයේ හිටපු නියෝජිත තානාපති යසුෂි අකාෂි, Taisei, Mitsubishi Corporation ඇතුළු ප්‍රධාන ව්‍යාපාරික ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීහු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපානයේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහ මෙම හමුවට සහභාගි වූහ.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා ද මේ සඳහා සහභාගි විය.
320 Views
Comments