වල් බළලුන්ගේ මූත්‍රා පිලිබඳ පරීක්ෂණයක් ජපානයෙන්

Iwate විශ්වවිද්‍යාලයේ සහ Ryukyus විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් නිවේදනය කර ඇත්තේ Iriomote wildcat සහ Tsushima wildcat එකම විශේෂයක් වුවද ඔවුන්ගේ මුත්‍රාවල ගන්ධය වෙනස් බවයි.
Iriomote wildcat ඔකිනාවා ප්‍රාන්තයේ ජීවත් වන වල් බළල් විශේෂයක් වන අතර Tsushima wildcat නාගසාකි ප්‍රාන්තයේ ජීවත් වන ආසියාවේ බහුලව පැතිරී ඇති බෙංගාල වල් බළල් විශේෂයකි.
මුත්‍රා වල ගන්ධය වල් බළලුන්ගේ භෞමික හැසිරීම් වලට සම්බන්ධ යැයි සැලකෙන අතර වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වල් බළලුන්ගේ චර්යා පැහැදිලි කිරීමේදී මෙය වැදගත් වේ.
මෙම පර්යේෂණයට අදාල පත්‍රිකාව ඉදිරියේදී විද්‍යාත්මක සඟරාවක පළ කිරීමට ද නියමිතයි.
262 Views
Comments