සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ල කෑ පුද්ගලයෙක් සොයා විමර්ශන

තෝකියෝ පොලිසිය සම්බාහන මධ්‍යස්ථානයක් මංකොල්ලකෑම සහ කාන්තා සේවිකාවන් දෙදෙනෙකුට පිහියකින් පහර දුන් පුද්ගලයෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
කාර්ය මණ්ඩලය විසින් සම්බාහන මධ්‍යස්ථානය විවෘත කිරීමට සූදානම් වන විට පිහියක් අතැති පුද්ගලයෙකු සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වී මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් එහි සේවිකාවන් දෙදෙනෙකුට තර්ජනය කර තිබේ.
පසුව ඔහු ඔවුන්ට පිහියෙන් පහර දී මුදල් රැගෙන පලාගොස් ඇත.
පහර කෑමට ලක්වූවන් ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ගත කර ඇත.
සැකකරු වයස අවුරුදු 20 ත් 30 ත් අතර සෙන්ටිමීටර 170 ක් උස තැඹිලි පැහැති කබායකින් සැරසී සිටි තරබාරු මිනිසෙකු බව වාර්තා වේ.
275 Views
Comments