දරුවා ප්‍රසූත කර වැසිකිළියක දමා ගිය කාන්තාවක් අත්අඩංගුවට

යමනාෂි ප්‍රාන්තයේ ෆුජියෝෂිඩා ප්‍රදේශයේ පොලිසිය විසින් 19 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය තම දෙමාපියන් සමඟ ජීවත් වන නිවසේ වැසිකිළියක ප්‍රසූත කරන ලද ළදරුවෙකුගේ මළ සිරුරක් දමා ගිය බවට සැක කෙරේ.
පොලිසිය පවසන පරිදි අර්ධකාලීන රැකියාවක නිරත වූ මෙම කාන්තාව බිළිඳා ප්‍රසූත කර සිරුර තුවායක ඔතා වැසිකිළියේ දමා ගොස් ඇත.
පසුව කාන්තාවගේ දෙමාපියන් සිරුර දැක ඇය කැටුව පොලිස් ස්ථානයට ගොස් තිබේ.
එහිදී කාන්තාව පවසා ඇත්තේ දරුවා උපදින විට හුස්ම නොගත් බවයි.
කෙසේවෙතත් බිළිඳාගේ මරණයට හේතුව සොයා බැලීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය පවසයි.
218 Views
Comments