ජපාන පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය නේපාල ජාතිකයා පිළිබඳ සිද්ධිය කරළියට

2017 වසරේ පොලිස් අත්අඩංගුවේ සිටියදී බලහත්කාරයෙන් රඳවාගෙන සිටි නේපාල ජාතිකයකුගේ මරණය සම්බන්ධයෙන් යෙන් මිලියනයක පමණ වන්දියක් ගෙවන ලෙස ජපාන අධිකරණය පෙරේදා(17) තෝකියෝ අගනගර රජයට නියෝග කළේය.
අර්ජුන් බහදූර් සිං නම් අදාල නේපාල ජාතිකයාට නිසි ප්‍රතිකාර ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම නීතිවිරෝධී බවත් තෝකියෝ දිස්ත්‍රික් අධිකරණය තීරණය කළේය.
සභාපති විනිසුරු චිකෝ ෆුකුඩා තීන්දු කළේ පොලිසිය ඔහුව රෝහලකට ගෙන ගියේ නම් ඔහුගේ මරණය වළක්වා ගත හැකිව තිබූ බවයි.
එවකට 39 හැවිරිදි සිං දේපල සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට 2017 මාර්තු 14 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.
282 Views
Comments