JUL
10
බටහිර ජපානයට ධාරානිපාත වර්ෂාවක්

බටහිර ජපානයට දිගින් දිගටම ධාරානිපාත වර්ෂාව ඇද හැලෙයි. මේ හේතුවෙන් නායයෑම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Yamaguchi, Hiroshima, Shimane, Fukuoka සහ Oita යන ප්‍රාන්ත සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් දිගටම ක්‍රියාත්මක වේ.
එමෙන්ම පැය 48 ක කාලයක් තුළ ෂිමානේ සහ යමගුචි ප්‍රාන්තවල වර්ෂාපතනය මිලිමීටර් 200 ඉක්මවීය.
මේ අතර යමගුචි, හිරෝෂිමා සහ සාගා ප්‍රාන්තවල ගංගා කිහිපයක් ගංවතුර අවදානම් මට්ටම් ද ඉක්මවා ගොස් ඇත.
367 Views
Comments