Toyota සමාගම ඉදිරි වසර තුළදී වාර්තාගත මෙහෙයුම් ලාභයක් අපේක්ෂා කරයි

Toyota Motor පවසන්නේ මෙම වර්ෂයේ මාර්තු සිට ලබන වසරේ මාර්තු දක්වා යෙන් ට්‍රිලියන 3 ක වාර්තාගත මෙහෙයුම් ලාභයක් අපේක්ෂා කරන බවයි.
ඒ අනුව සිය සමූහ මෙහෙයුම් ආදායම සියයට 10 කින් සහ ශුද්ධ ලාභය පෙර වසරට වඩා සියයට 5 කින් ඉහළ යනු ඇතැයි මොවුන් අපේක්ෂා කරයි.
Toyota පවසන්නේ මෙම වසර තුළදී නව වාහන මිලියන 11.4 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර එය වාර්තාවක් වනු ඇති බවයි.
මේ අතර Toyota Motor හි සභාපති Sato Koji ඊයේ (10) මාධ්‍ය හමුවකදී පැවසුවේ දෙමුහුන් විදුලි වාහන කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සමාගමේ ඉපැයීම් පදනම ශක්තිමත් කරන බවයි.
285 Views
Comments