ඇමෙරිකාවට යන්න පිටත්වූ සංක්‍රමණික පිරිස් සමඟ රටරටවල හමුදා ගැටෙයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
17

ඇමෙරිකාවට යන්න පිටත්වූ සංක්‍රමණික පිරිස් සමඟ රටරටවල හමුදා ගැටෙයි (PHOTOS)

ඇමෙරිකාවට යන්න පිටත්වූ සංක්‍රමණික පිරිස් සමඟ රටරටවල හමුදා ගැටෙයි (PHOTOS)

ජනාධිපති තේරී පත් වූ ජෝ බයිඩෙන් ධවල මන්දිරයට ඇතුළුවීමට සූදානම් වනවා සේම, මේ සතියේ එක්සත් ජනපදයට පැමිණීමට හොන්ඩුරාස් සිට දහස් සංඛ්‍යාත ජනතාවක් පිටත් වීමට උත්සාහ දැරීම හේතුවෙන් ග්වාතමාලාවේ ආරක්ෂක හමුදා සංක්‍රමණික පිරිසට පහර දීමට පටන්ගෙන තිබෙනවා.

 

ග්වාතමාලාවේ ආගමන අධිකාරියට අනුව, සිකුරාදා සිට සංක්‍රමණිකයන් 7,000 ත් 8,000 ත් අතර සංඛ්‍යාවක් ග්වාතමාලාවට ඇතුළු වී ඇත‍.

 

කෙසේ වෙතත්, ග්වාතමාලාවේ ආරක්ෂක නිලධාරීන් 3,000 ක් පමණ නැගෙනහිර ග්වාතමාලාවේ වඩෝ හොන්ඩෝ ගම්මානයේ පිරිස් රඳවා තබා ගැනීම සඳහා එක්රැස් වූ අතර ඉරිදා උදෑසන ගැටුම් ඇති විය.

 

ග්වාතමාල වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ සංක්‍රමණිකයන් සිය ගණනක් ආරක්ෂක හමුදාවන්ගේ පවුරකට තල්ලු කරන බවයි. පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇති බව බලධාරීන් පවසනවා.

 

සිකුරාදා සහ සෙනසුරාදා අතර ග්වාතමාලාවට හොන්ඩුරාස් සිට සංක්‍රමණිකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ආපසු යවා ඇති බව ග්වාතමාල රජය පවසයි.

 

මෙම සංක්‍රමණික පිරිස් මෙක්සිකෝවේදී වැඩි පීඩනයකට ලක්වීමට ඉඩ තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.

 

COVID-19 පැතිරීම පාලනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් මෙක්සිකානු විදේශ අමාත්‍යංශය සංක්‍රමණික පිරිස්වල පැමිණීම නතර කරන ලෙස මධ්‍යම ඇමරිකානු බලධාරීන්ට බලපෑම් කර අැති බවයි.

 

මෙම වසරේ පළමු සංක්‍රමණික සංක්‍රමණික පිරිස් පැමිණෙන්නේ එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වූ ජෝ බයිඩෙන් බලයට පත්වීමට සතියකටත් අඩු කාලයකට පෙරය. පිටතට යන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි ප්‍රතිපත්තිවලට වඩා වෙනස්ව සංක්‍රමණය සඳහා වඩාත් මානුෂීය ප්‍රවේශයක් සදහා ජෝ බයිඩෙන් පොරොන්දු විය.

 

 

 

 

 

views

553 Views

Comments

arrow-up