ඉන්දුනීසියා භූමිකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 78 දක්වා ඉහළට (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
17

ඉන්දුනීසියා භූමිකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 78 දක්වා ඉහළට (PHOTOS)

ඉන්දුනීසියා භූමිකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 78 දක්වා ඉහළට (PHOTOS)

සිකුරාදා ඉන්දුනීසියාවේ බටහිර 'Sulawesi' පළාතේ ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 78 දක්වා ඉහළ ගිය බව සෙවුම් හා මුදාගැනීමේ ඒජන්සිය පවසයි.

 

78 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 67 ක් මාමුජු දිස්ත්‍රික්කයෙන් සහ සෙසු අය බටහිර 'Sulawesi' හි මැජෙනේ දිස්ත්‍රික්කයෙන් පැමිණි අයයි.

 

රික්ටර් මාපක 6.2 ක භූමිකම්පාවෙන් පසු පුද්ගලයින් 740 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර 27,800 කට වැඩි පිරිසක් සිය නිවෙස් අතහැර ගිය ගොස් තිබෙනවා.

 

සමහරු කඳුකරයට රැකවරණය පතා ගොස් තිබෙනවා.

 

කලාපයේ ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා පොලීසිය සහ හමුදා නිලධාරීන් යොදවා ඇති විදෙස් මාධළ්‍ය වාර්තා කළා.

 

ගලවා ගැනීමේ කටයුතුවලට සහාය වීම සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ තත්වයක් ද සති දෙකක් තිස්සේ ක්‍රියාත්මක කර තිබෙනවා.

 

 

 

 

views

570 Views

Comments

arrow-up