62 දෙනෙකු සමඟ අතුරුදන් ඉන්දුනීසියානු යානය මුහුදට කඩා වැටේ (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
09

62 දෙනෙකු සමඟ අතුරුදන් ඉන්දුනීසියානු යානය මුහුදට කඩා වැටේ (PHOTOS)

62 දෙනෙකු සමඟ අතුරුදන් ඉන්දුනීසියානු යානය මුහුදට කඩා වැටේ (PHOTOS)

බෝයිං 737-500 ජෙට් ලයිනර් යානයක් ගුවන් ගත වූ සැණින් මඟීන් 62 දෙනෙකු සමඟ අතුරුදහන් වීමෙන් පසු ජකර්තා නගරයට උතුරින් සාගරය පරීක්ෂා කිරීම සඳහා ඉන්දුනීසියානු සෝදිසි මෙහෙයුමක් සිදුකරනවා.

 

මගීන් 50 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 12 දෙනෙකු සමඟ ජකර්තා අසල සූකර්නෝ-හත්ත ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් වූ ශ්‍රී විජය ගුවන් යානය බටහිර කලිමන්තන්හි පොන්තියානාක් බලා පිටත් වූ අතර,සාමාන්‍යයෙන් ගමනට ගතවන කාලය විනාඩි 90 ක්.

 

ප්‍රවාහන අමාත්‍ය බුඩි කාර්‍යා සුමඩි මහතා පැවසුවේ ප.ව. 2.36 ට ජෙට් ලයිනර් යානය ගුවන් ගත වූ බවයි.

 

ජකර්තා වේලාව සහ අඩි 29,000 ක් දක්වා නැගීමට අවසර ලැබුණද, වැරදි දිශාවකට හැරී මිනිත්තු හතරකට පසුව ජකර්තා ගුවන් තොටුපලේ ගුවන් ගමනාගමන පාලක මධ්‍යස්ථානය සමඟ තිබූ සම්බන්ධතාවය නැති විය.

 

පියාසර රේඩාර් දත්ත වලින් පෙනී ගියේ යානය හදිසියේම අඩි 250 ක් දක්වා පහත වැටීමට පෙර යානය අඩි 11,000 ක් දක්වා ඉහළ ගිය බවයි.

 

“ගුවන් ගමනාගමන පාලක මධ්‍යස්ථානය යානයෙන් එහි පිහිටීම වාර්තා කරන ලෙස ඉල්ලා සිටියත් තත්පර කිහිපයකින් එය රේඩාර් වලින් අතුරුදහන් වී තිබෙනවා.

යානය අතුරුදහන් වී ඇති බව ශ්‍රීවිජය එයාර් සමාගම තහවුරු කළේය.

 

වසර 26 ක් පැරණි ජෙට්ලයිනර් යානය ජාවා මුහුදේ ලකී දූපත සහ ලැන්කැන්ග් දූපත අතර අනතුරට ලක්ව ඇති බව බලධාරීන් පවසනවා.

 

සිද්ධියෙන් ටික වේලාවකට පසු දේශීය ධීවරයෙකු එම ස්ථානයේ සුන්බුන් හා ඉරා දැමූ ඇඳුම් දැක ඇති බව වාර්තා වුණා.

 

සුන්බුන් බවට සැක කෙරෙන වීඩියෝ දර්ශන ඉන්දුනීසියානු රූපවාහිනියේ ද විකාශය කර තිබෙනවා.

 

ජාතික සෝදිසි හා ගලවා ගැනීමේ ඒජන්සියේ අධ්‍යක්ෂ බම්බාං සූරියෝ අජි මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ජකර්තා සිට සැකකටයුතු අනතුරට ලක්වූ ස්ථානයට නැව් යවන බවයි.

 

“යානය අනතුරට පත්ව ඇති බවට විශ්වාස කෙරෙන ස්ථානයෙන් අපි හෙට සෙවීම ආරම්භ කරනවා‍. අපට දැන් පෙනීම දුර්වලයි, සෝදිසි හා ගලවා ගැනීමේ ඒජන්සියේ අධ්‍යක්ෂවරයා පැවසීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

543 Views

Comments

arrow-up