CES 2021 හි COVID සඳහා තාක්‍ෂණික නිපැයුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
14

CES 2021 හි COVID සඳහා තාක්‍ෂණික නිපැයුම්

CES 2021 හි COVID සඳහා තාක්‍ෂණික නිපැයුම්

CES (Consumer tech conference ) හෙවත් පාරිභෝගික තාක්ෂණික සමුළුවෙහි 2021 වසර සදහා කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා නව සොයාගැනීම් පිළිබඳ සාකච්ඡා කර ඇත.

 

මෙම සතියේ වාර්ෂික CES ප්‍රදර්ශනයේදී, තාක්‍ෂණික සමාගම් විසින් ස්මාර්ට් මුහුණු ආවරණයන්, ස්පර්ශ‍යෙන් රහිත වූ දොර සීනුවක්, විෂබීජ නාශක, වායු පවිත්‍රකාරක සහ ස්පර්ශ රහිත තාක්‍ෂණය හරහා COVID-19 ට එරෙහිව සටන් කිරීමට විවිධ ක්‍රම සාකච්ඡා කරමින් සිටී. මෙලෙස බොහෝ දේ මෙම වසංගතය නිසා වෙනස් වෙමින් පවතී. අප ජීවත් වන ආකාරය, වැඩ කිරීම සහ ආහාර ගැනීමේදීද පවා විවිධ වූ වෙනස් කිරීම් වලට පෙලඹී ඇත. කිසිදු තාක්‍ෂණයකට, වෛරසයකට එරෙහිව සටන් කර ජය ගත නොහැකි බව සමාගම් තේරුම් ගෙන ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එක්ව, ජීවිතයේ සාමාන්‍ය කොටසක් ලෙස බලපා ඇති මෙම වසංගතය හා බැදුණු නිපැයුම සඳහා යොමු වී ඇත.

 

 

එවැනි එක් සමාගමක් වන එලාම්.කොම් ස්පර්ශය රහිත වූ වීඩියෝ දොර සීනුවක් නිර්මාණය කළේ අප ස්පර්ශ කරන ස්ථානවල බොහෝ විට තිබෙන බැක්ටීරියා සහ වෛරස් සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා ය. එය "අපට සුපරීක්ෂාකාරීව සිටීමට සහ එකිනෙකා ආරක්ෂා කිරීමට තවත් ක්‍රමයක්" යැයි අලාම්.කොම් පැවසීය.

 

 

ආයතනයක, කාර්යාලයක, සිල්ලර / තොග වෙළඳසැල්, සුපර්මාර්කට් හෝ අවන්හල් වල අධික ස්පර්ශය, අධික තදබදය සහිත ප්‍රදේශ විෂබීජහරණය කිරීම සඳහා පාරජම්බුල කිරණ විකිරණය කරන රොබෝවරුන්ද හදුන්වා දී ඇත. උණ වැනි රෝග හඳුනා ගැනීමට රෝහල් මට්ටමින් ඇති උපකරණයක් ලෙස ඔබේ ශරීරයට ඇලී ඇති සංවේදකද නිර්මාණය වී තිබේ.

 

 

බිල්ට් ඉන් මයික්‍රෆෝනයක් සහිත වූ මුඛ ආවරණ ඇත. එයින් ඔබේ මුඛ ආවරණය පැළඳ සිටිනා විටදීම ඉතා පහසුවෙන් කථා කිරීම මෙන්ම ඇසීමද සිදුවෙනු ඇත. එම උපකරණය "මාස්ක්ෆෝන්" ලෙස හැදින්වේ. "මාස්ක්ෆෝන් වලින් ඔබත් හා ඔබ යන මග හමුවන ඕනෑම කෙනෙකුට හානිකර බැක්ටීරියා, වෛරස් හා දූෂණයෙන් ආරක්ෂා වීමේ හැකියාව ඇති දෛනික, අත්‍යවශ්‍ය කරුණක් වේවි." ඔවුන් පවසයි. මෙම නව නිෂ්පාදන තාක්‍ෂණයන් වත්මන් වයිරසය හා සටන් කරමින් සිටින්නට හැකි ජීවිතයේ ප්‍රධාන අංගයක් බවට පත්වන නවතම ක්‍රමය වී අවසානයි.

 

පසුගිය වසර තුළ ලොව පුරා රටවල් සෞඛ්‍ය මට්ටමින් අගුලු දැමීම පවා සිදු වුණා. විවිධ වූ පිරිස් තම පවුලෙන් වෙන්ව ඉතා අසීරු කාලයක් ගත කළා. තවමත් එය එසේමය. බොහෝ නිරෝධායන නීති රීතීන් අනුගමනය කරගනිමින්, සිය පවුලේ අය සමග සම්බන්ධතා පවත්වා ගැනීමට වීඩියෝ කෝල්ස්, සමාජ ජාල සහ පණිවිඩ යැවීම වෙත යොමු වී ඇත. ඔවුන් වෛරසයට නිරාවරණය වූ විට එකිනෙකාට අනතුරු ඇඟවීමට ඇපල් සහ ගූගල් මෘදුකාංග මඟින් බලගැන්වූ දුරකථනද භාවිතා කර ඇත.

 

 

අසනීප වීම වළක්වා ගැනීමට සහ ඔවුන් සිටින්නේ කුමන තත්ත්වයකදැයි හඳුනා ගැනීමට රජයන් විසින් විවිධ වූ වෙබ් අඩවි නිර්මාණය කර ඇත. වසර ගණනාවක පෞද්ගලිකත්ව සහ දේශපාලන අපකීර්තිය නොතකා ඔවුන්ගේ කීර්තිනාමයට හා ගනුදෙනුකරුවන් අතර විශ්වාසය බිඳ වැටී තිබියදීත්, බොහෝ තාක්ෂණික සමාගම් මෙම මොහොත ඔවුන්ගේ වටිනාකම සනාථ කිරීමේ අවස්ථාවක් ලෙස දකී. ඉතිහාසයේ ඕනෑම කර්මාන්තයකට වඩා වැඩි බලයක් හා මුදල් වලින් සන්නද්ධ තාක්‍ෂණ කර්මාන්තයෙහි බලවතුන් පවසන්නේ ඔවුන්ගේන් උදව් ලබාදීම සඳහා අවස්ථාවක් ඇති බවයි.

 

“අපගේ මෙහෙවර වන්නේ ජනතාවගේ ජීවිතවල අර්ථවත් කාර්යභාරයක් ඉටු කරන නිෂ්පාදන නිර්මාණය කිරීමයි” යනුවෙන් ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් නොවැම්බර් මාසයේදී සමාගමේ සජීවී විකාශන ඉදිරිපත් කිරීම්වලදී පැවසීය. 2021 සඳහා ඔහු ප්‍රකාශ කළේ ඇපල් සමාගමද ඊටත් වඩා දේ මේ වෙනුවෙන් කරනු ඇති බවයි.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

595 Views

Comments

arrow-up