නොදන්නා ඇමතුම් ස්වයංක්‍රීයව පටිගත කරන Google Phone ඇප්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

නොදන්නා ඇමතුම් ස්වයංක්‍රීයව පටිගත කරන Google Phone ඇප්

නොදන්නා ඇමතුම් ස්වයංක්‍රීයව පටිගත කරන Google Phone ඇප්

ගූගල් සමාගම පසුගිය වසරේ තමන්ගේම දුරකථන ඇප් එකක් හඳුන්වා දුන් අතරම, මෙම ගූගල් දුරකථන ඇප් එක දැනටමත් පික්සෙල් සහ සමහර Nokia සහ Xiaomi ස්මාර්ට්ෆෝන් වල ක්‍රියා කරයි. ඇමතුමක් සක්‍රියව ඇති විට, පරිශීලකයින් දැනට පවතින ඇප් එකෙහි ඇමතුම් තිරයේ පටිගත කිරීමේ බොත්තමක් දිස්වනු ඇත. ඔබ එය Press කළහොත් පමණක්, ඇමතුම පටිගත වන බව දෙපාර්ශවයටම දැනුම් දෙන හඩ පණිවිඩයක් ඇසෙනු ඇත.

 

එක්ස්.ඩී.ඒ ඩිවෙලොපර්ස් විසින් සිදු කරන ලද නවතම ගූගල් දුරකථන ඇප් එකෙහි 59 වර්ෂන් හි APK මගින් වෙනස් ආකාරයේ Option කිහිපයක් හදුන්වා දී ඇත. මෙම විශේෂාංග පෙළ තුළින් පරිශීලකයින්ට නොදන්නා ඇමතුම්කරුවන්ගෙන් හෝ නොදන්නා අංකවලින් එන සියලුම දුරකථන ඇමතුම් පටිගත කිරීම ආරම්භ කිරීමට ඉඩ සලසයි. මෙහි නවතම Version එකෙහි විවිධ වූ කේතයන් ඔබට ලබා දේ.ඔබ හෝ ඔබගේ ඇමතුමේ සිටින අනෙක් පුද්ගලයා මෙම පටිගත වීමට ඉඩ ලබා දීම මෙන්ම සෑම කෙනෙකුම එයට එකඟ විය යුතු යම් අවස්ථාවක් පැමිණේ. ඇමතුම පටිගත කර ඇති බව සෑම කෙනෙකුටම කලින් දැනුම් දෙනු ලැබේ. සංවාද පටිගත කිරීම පිළිබඳ නීති අනුගමනය කිරීම ඔබ සතු ය.

 

 

පටිගත කිරීම් ගබඩා කර ඇත්තේ ඔබගේ දුරකථනයේ පමණි. ” තවත් කේතයකින් මෙහි ස්වයංක්‍රීය ඇමතුම් පටිගත කිරීමේ විකල්පයකන් තෝරා ගැනීමට ඉඩ සලසා දී ඇත. එහිදී “සැමවිටම පටිගත කිරීම ( Always record )” සඳහා තෝරා ගැනීමක් ඇති අතරම තවත් තෝරා ගැනීමක් ලෙස“අවලංගු කරන්න ( Cancel ) ” යනුවෙන්ද පවසයි. කෙසේ වෙතත්, මෙම ඇප් එකෙහි යම් විශේෂිත වූ වෙනස්කම් සිදුකරන බවට පවසා ඇති පමණින් එය නිල වශයෙන්ම ක්‍රියාත්මක වන බවක් අදහස් වන්නේ නැහැ. මේ වන විට ගූගල් විසින් ඇප් එකෙහි මෙම අංගයේ පැවැත්ම තවමත් තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නොමැත.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

508 Views

Comments

arrow-up