Youtube සිය වෙබ් යෙදුමට Voice Search එක් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
19

Youtube සිය වෙබ් යෙදුමට Voice Search එක් කරයි

Youtube සිය වෙබ් යෙදුමට Voice Search එක් කරයි

Youtube සිය වෙබ් ඇප් සදහා Voice Search Option එක එකතු කර ඇත. ඔබට දැන් යූ ටියුබ් හි වීඩියෝ සෙවීමට හඩ විධාන භාවිතා කළ හැකි අතර UI (User Interface) හි සමහර කොටස් තුළ සැරිසැරීමටද හැකිය. Voice Search මගින් සෙවීමේ පහසුකම දැනටමත් Youtube හි Android සහ iOS යෙදුම්වල ඇති අතර, වෙබ් අඩවිය සඳහාත් මෙම අංගය යොදා ඇත.

 

You tube හි මෙම වෙබ් යෙදුම දැන් සෙවුම් තීරුවට ( Seaech Bar) යාබද මයික්‍රොෆෝනයක රූපයකින් නිරූපනය වේ. මෙම හඩ සෙවීම සක්‍රීය කිරීම සඳහා ඔබට Youtube වෙබ් අඩවිය සඳහා ඔබ මයික්‍රොෆෝනයට අවසර ලබා දිය යුතුය. එවිට ඔබට මයික්‍රෝෆෝනයට ක්ලික් කර යූ ටියුබ් තුළ සෙවීමට කැමති දේ ගැන පැවසීම සිදු කළ හැකිය. එය ක්‍රියා විරහිත කිරීම සඳහා ඔබට නැවතත් මයික්‍රොෆෝන් නිරූපකය මත ක්ලික් කළ හැකිය.

 

 

මෙම අංගය මුලින්ම දුටුවේ 9to5Google තුළිනි. එය දැනටමත් පුළුල් ලෙස ලබා ගැනීමේ අවස්ථාව ලැබී ඇත. යූ ටියුබ් හි Voice search Bar එකට හොඳින් මෙන්ම දක්ෂ ලෙස අප කියනා දේ තේරුම් ගත හැකිය. 9to5Google පෙන්වා දුන් පරිදි, ඔබට “මට පූසන්ගේ වීඩියෝ පෙන්වන්න” වැනි විධානයන් භාවිතා කළ විට Youtube හි එය “බළල් වීඩියෝ” පමණක් සොයනු ඇත.මට K-pop වීඩියෝ පෙන්වන්න” හෝ “මට විහිලු වීඩියෝ පෙන්වන්න” වැනි විමසුම් සඳහා පිළිවෙලින් K-pop වීඩියෝ හෝ විහිලු වීඩියෝ පමණක් සොයනු ඇත. Youtube Voice Search මගින් වෙනත් සෙවීම වෙනත් විමසුම් සඳහාද භාවිතා කළ හැකිය.

 

ඔබගේ Subscriptions, History නැවතත් බැලීම, ඉහළම ප්‍රවණතා සහිත වීඩියෝ, ඔබේ Library සහ තවත් දේ පෙන්වීමට ඔබට Youtube Voice Search මගින් ඉල්ලා සිටිය හැකිය. යූ ටියුබ් එහි ඇප් එකෙහි ස්වරූපයෙහි යම් වැඩිදියුණු කිරීමක් ද සිදු කර ඇත. එහිදී වීඩියෝ සඳහා ශ්‍රව්‍ය හා Captions සඳහා බොත්තමක් එක් කර ඇත. එයින් ඔබ Feed එකේ සිටම වීඩියෝ නරඹන්නේ නම්, ඔබට ඒවා නිශ්ශබ්ද කිරීමට හෝ නොකිරීමට ( Mute & Unmute) හා Captions සක්‍රිය / අක්‍රිය කළ හැකිය. යාවත්කාලීන කළ UI එක Youtube හි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ දැකගත හැකිය.

 

 

 

 

 

 

by Kaushalaya De Silva

Photo source : Internet

Video source : Youtube

views

508 Views

Comments

arrow-up