ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ පළමුදිනම ශ්‍රී ලංකාව අසීරු අඩියක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ පළමුදිනම ශ්‍රී ලංකාව අසීරු අඩියක

ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයේ පළමුදිනම ශ්‍රී ලංකාව අසීරු අඩියක

සංචාරක එංගලත්තය හා ශ්‍රී ලංකාව අතර තරඟ දෙකකින් යුත් තරඟාවලියේ පළමු තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඊයේ ආරම්භ වුණා.

 

මෙහීදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 135ක් පමණයි.

 

දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් පිට පිටම හතරවන වතාවටත් ලකුණු නොලබා දැවීගිය අතර අනෙක් පිතිකරුවනුත් ලක-ණු 30 සීමාවටවත් ලඟා වූයේ නැහැ.

 

පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 127ක් ලබා ප්‍රබල මට්ටමක පසුවුණා.

 

එංගලත්නයේ පළමු කඩුලු 02ක ලකුණු 17කදී දැවී ගියත් නායක ජෝ රූට් නොදැවී ලකුණු 66ක් හා ජොනී බේයිත්ස්ටෝ නොදැවී ලකුණු 47ක් ලබා ඉනිම ශක්තිමත් කලා.

 

මේ අතර එංගලන්ත පළමු ඉනිම අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඕමි ක්‍රීඩාවේ යෙදෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර එය ඉතාමත් කණගාටුදායක තත්වයක් බව විචාරකයෝ පෙන්වා දෙනවා.

 

 

 

views

462 Views

Comments

arrow-up