SL vs Eng : ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හමුවේ එංගලන්තයට කඩුලු 07ක ජයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

SL vs Eng : ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හමුවේ එංගලන්තයට කඩුලු 07ක ජයක්

SL vs Eng : ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හමුවේ එංගලන්තයට කඩුලු 07ක ජයක්

සංචාරක එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරඟය කඩුලු 07කින් ජයගන්නට එංගලන්තය සමත්වුණා.

 

ඒ ශ්‍රී ලංකා පිතිකරුවන්නේ දුර්වල පිතිකරණ විලාසය ආශිර්වාදයක් කරගනිමින්.

 

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා වූ අතර එංගලන්ත පළමු ඉනිම ලකුණු 421ක් ලෙස දැක්වුණා.

 

ලකුණු 286ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව ලකුණු 359ක් රැස් කලා.

 

ඒ අනුව එංගලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 74ක්. ඔවුන් කඩුලු 03ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

 

ද්විත් ශතකයක් වාර්තා කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල එංගලන්ත නායක ජෝ රූට් තරඟයේ වීරයා ලෙස නම් කෙරුණා.

 

ඒ අනුව තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය 1 - 0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගත්තා.

 

දෙරට අතර දෙවන තරඟය එළැඹෙන 22වන දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

 

 

views

473 Views

Comments

arrow-up