ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟය ජය පරාජයෙන් තොරව නිමාවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟය ජය පරාජයෙන් තොරව නිමාවෙයි

ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟය ජය පරාජයෙන් තොරව නිමාවෙයි

ඉන්දු - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟය ජය පරාජයෙන් තොරව නිමාවුනා.

 

අවසාන දිනය වන අද දිනයේදී ලකුණු 407ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායමින් සිටි ඉන්දියානු කණ්ඩායමේ ලකුණ පුවරුව දිනය අවසානයේ කඩුලු 05කට ලකුණු 334ක් ලෙස දැක්වුනා.

 

පන්දුවට පහරදෙමින් සිටි හනුමා විහාරි ලකුණු 23ක් ද රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 39ක් ද රැස්කරගෙන සිටියා.

 

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් නේතන් ලයන් හා ජෝශ් හැසල්වුඩ් කඩුලු 02 බැඟින් බිඳහෙලුවා.

 

ඒ අනුව දෙරට අතර තඟ 04කින් යුත් තරඟාවලිය මේ වනවිට 1-1 ක් ලෙස සම තත්වයේ පවතින අතර දෙරට අතර අවසාන තරඟය එළඹෙන 15 වනදා ගැබා ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

 

 

views

419 Views

Comments

arrow-up