LPL 2020 : ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව ජැෆ්නා ස්ටැලියන්ස් දිනා ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

LPL 2020 : ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව ජැෆ්නා ස්ටැලියන්ස් දිනා ගනී

LPL 2020 : ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව ජැෆ්නා ස්ටැලියන්ස් දිනා ගනී

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දු වාර 20 තරඟාවලියේ අවසන් මහා තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම දිනා ගත්තා.

 

අවසන් මහා තරඟය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වුණේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

 

කාසියේ වාසිය දිනා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

 

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කිරගැනීමට සමත් වුණා.

 

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ෂොයිබ් මලික් ලකුණු 46ක් කළ අතර පන්දු 35කදී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 3ක් සහ 6 පහර එකක්  ඇතුළත්.  

 

ෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දු 14කදී ලකුණු 39ක් රැස් කළා.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ළ කළම්බු ගෝල් ගැලැඩියේටර්ස් කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 135ක් පමණයි.

 

ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට කඩුලු 53ක ජයක් හිමිකර ගනිමින් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2020 තරඟාවලියේ ජය තහවුරු කළා.

 

 

views

286 Views

Comments

arrow-up