2020 LPL අවසාන මහා තරඟය අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

2020 LPL අවසාන මහා තරඟය අද

2020 LPL අවසාන මහා තරඟය අද

පළමුවරට පවත්වනු ලබන LPL තරඟාවලියේ අවසාන මහා තරඟය අද සවස 7ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

 

ඒ ජැෆ්නා ස්ටැලියන්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් අතරයි.

 

මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 5ක් තරඟ වැදුණු අතර අර්ධ අවසන් තරඟ දෙකෙන් ගෝල් ග්ලැඩියේටර්ස් හා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අවසාන තරඟයට සුදුසුකම් ලැබුවා.

 

කණ්ඩායම් දෙකේම දේශීය හා විදේශීය දක්ෂ ක්‍රීඩකයින් රැසක් සිටින අතර අද තරඟය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි විචාරකයින් පෙන්වා දෙනවා.

 

2021 LPL තරඟාවලිය ලබන වසරේ ජුලි හා අගෝස්තු මාසවල පැවැත්වෙන බවයි සංවිධායකයින් කියා සිටින්නේ.

 

 

 

views

238 Views

Comments

arrow-up