ඕස්ට්‍රේලියා හමුවේ අසරණ වූ කෝලි ප්‍රමුඛ ඉන්දියානුවන් ලකුණු 36 කට දැවී යයි

ඉන්දු-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ අද තෙවැනි දිනයයි.
තෙවැනි දිනය ආරම්භ වනවිට ඉන්දියාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 01 ක් දැවී ලකුනු 09 ක් රැස් කරගෙන සිටියේය.
පළමු ඉනිමේ ලැබූ වාසියද සමග ඔවුන් සිටියේ ලකුණු 62 ක් ඉදිරියෙනි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් වන ජොස් හැස්ල්වුඩ් සහ පැට් කමින්ස් එක්ව ඉන්දීය ඉනිම සුනුවිසුනු කර දැමූ අතර ඉන්දියානුවන්ට දෙවැනි ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 36 ක් පමණි.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මයන්ක් අගර්වාල් ලකුණු 09 ක් ලබාගත් අතර හනුමා විහාරි ලකුණු 08 ක් ලබා ගත්තේය.
ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ලකුණු 04 කට දැවී ගියේය. ඉන්දීය ඉනිම සුනුවිසුනු කර දමමින් බිහිසුණු පන්දු යැවීමක නිරත වූ ජොෂ් හැස්ල්වුඩ් පන්දුවාර 05 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 08 ක් පමණක් ලබා දී කඩුලු 05 ක් බිඳ හෙළීමට සමත් විය.
පැට් කමින්ස් පන්දුවාර 10.2 කදී ලකුණු 21 කට කඩුලු 04 ක් දවාගත්තේය.
203 Views
Comments