අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූලයි; ජාත්‍යන්තර තරග තහනම ඉවතට - ICC
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූලයි; ජාත්‍යන්තර තරග තහනම ඉවතට - ICC

අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූලයි; ජාත්‍යන්තර තරග තහනම ඉවතට - ICC

මෙරට දඟ පන්දු යවන ‍රිකට් ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යනුකූල බව ICCය තීරණය කර තිබෙනවා.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඉදිරියේදී පැවැත්වෙන තරඟවලදී අකිල ධනංජයට පන්දු යැවීමට හැකියාව ඇති බවයි.

 

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණයක් සිදු කළා.

 

ඔහු ක්‍රීඩා කරන නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන පසුගිය දෙසැම්බර් 22 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට භාර දුන්නා.

 

එම දර්ශන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අකිල ධනංජයගේ නව ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවයි සනාථ වී තිබෙන්නේ.

 

 

 

views

444 Views

Comments

arrow-up