SL vs ENG : පිතිකරුවන් රැසක් අසාර්ථක වෙද්දී එංගලන්තයට 74ක ඉලක්කයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

SL vs ENG : පිතිකරුවන් රැසක් අසාර්ථක වෙද්දී එංගලන්තයට 74ක ඉලක්කයක්

SL vs ENG : පිතිකරුවන් රැසක් අසාර්ථක වෙද්දී එංගලන්තයට 74ක ඉලක්කයක්

සංචාරක එංගලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරඟයේ හතරවන දිනය නිමාවන ලකුණු 74ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 38ක් රැස්කරගෙන සිටියා.

 

ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 359ක් වූ අතර එහිදී ලහිරු තිරිමාන්න කලකට පසු ලකුණු 111 ක් රැස්කල අතර ඇන්ජලෝ මැතිවුස් ලකුණු 71කුත්, කුසල් ජනිත් ලකුණු 62කුත් රැස්කලා.

 

අනෙක් කිසිදු පිතිකරුවෙකු ලකුණු 30 සීමාවට ලඟා වූයේ නැහැ.

 

ඒ අනුව එංගලන්තයට ලකුණු 74ක ඉලක්කයක් හිමිවුණා.

 

ඔවුන්ගේ මුල් කඩුලු 03 ලකුණු 14ක් තුල දැවීගියා.

 

තරඟයේ අවසාන දිනය අදයි.

 

views

428 Views

Comments

arrow-up