වසර 500කට පසු යුරෝපයට උග්‍ර වියළි කාලගුණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

වසර 500කට පසු යුරෝපයට උග්‍ර වියළි කාලගුණයක්

වසර 500කට පසු යුරෝපයට උග්‍ර වියළි කාලගුණයක්

යුරෝපා මහද්වීපයේ රටවල් රැසක් මේ වනවිට උග්‍ර වියළි කාලගුණයකට මුහුණ දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

 

එය වසර 500කට පසු යුරෝපයට ඇතිවූ දරුණුතම නියඟය බවයි එම වාර්තා පැවසුවේ. 


 
මාස දෙකක පමණ කාලයකින් යුරෝපා මහද්වීපයේ රටවල් රැසකට සැළකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැහැ. 


 
ඉතාලියේ දිගින් වැඩිම පෝ ගංගාව පෙර කිසිඳු දිනක නොදුටු ආකාරයකට සිඳීගොස් ඇති අතර මේ හේතුවෙන් ඉතා දරුණු තත්ත්වයක් ඇති වියහැකි බවට එරට ගොවීන් අනතුරු අඟවා තිබෙනවා. 


 
මෙම වර්තාගත උෂ්ණත්වයත් සමග එංගලන්තයේ තේම්ස් නදියේ ජල උල්පත් 1967 වර්ෂයෙන් පසු ප්‍රථම වරට සිඳීගොස් තිබෙනවා. 


 
ජර්මනියේ රයින් ගංගාවේ පවතින අවම ජල මට්ටම හේතුවෙන් නැව් ගමනාගමනය අසීරු වී තිබෙනවා. 


 
ස්පාඤ්ඤය ද මෙම දරුණු වියළි කාලගුණයට මුහුණ දෙමින් සිටින අතර එරට ජලාශවල ජල මට්ටම 1995 වර්ෂයෙන් පසු අවම ජල මට්ටම වාර්තා කර තිබෙනවා. 


 
අධික උෂ්ණත්වය හේතුවෙන් බලශක්ති පිරිවැය ඉහළ ගොස් ඇති බැවින් ස්පාඤ්ඤයේ වැසියන්ට බලශක්ති භාවිතය සම්බන්ධ කොන්දේසි පනවා ඇති බවද සඳහන්.

views

133 Views

Comments

arrow-up