වත්මන් මිනිසාට නැතිවම බැරි දත්ත හා තොරතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

වත්මන් මිනිසාට නැතිවම බැරි දත්ත හා තොරතුරු

වත්මන් මිනිසාට නැතිවම බැරි දත්ත හා තොරතුරු

පුද්ගලයන් වශයෙන් අප දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී කොපමන ප්‍රමාණයක් දත්ත සහ තොරතුරු හුවමාරු කර ගන්නවාද. වර්තමානය වන විට දත්ත සහ තොරතුරු වලින් තොරව මිනිසාට පැවැත්මක්ද නොමැති තත්ත්වයකට පත් වී තිබේ. දත්ත යනුවෙන් හඳුන්වන්නේ කිසියම් විෂයය ක්ෂේත්‍රයක් හා සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරන මූලාශ්‍ර වේ. එමගින් නිශ්චිත අදහසක් නිවැරදිව ප්‍රකාශ කිරීමට පුද්ගලයන්ට හැකියාවක් ලැබෙනු ඇත.

 

එසේම යම් දත්තයක් එක් රැස් කරන්නේ කිසියම් අවශ්‍යතාවක් සඳහා වේ. වර්තමාන ලෝකය දත්ත හා තොරතුරු වලින් පිරුණු ලෝකයක් වන අතර දත්ත හා තොරතුරු ගලා එන මාධ්‍ය විශාල සංඛ්‍යාවක් ද වර්තමානය වන විට නිර්මාණය වී තිබේ. පුද්ගලයන් වශයෙන් අප එදිනෙදා ජීවිතයේදී විවිධ සිද්ධි වලට මුහුණ දීමට සිදු වන අතර ඒ සඳහා දත්ත හා තොරතුරු ඉතාමත් වැදගත්. නිවැරදි තොරතුරු සහ දත්ත අප සතු නම් සියලු කර්ය්‍යන් ඉතා පහසුවෙන් කළ හැකි වන අතර ගැටලු හා ප්‍රශ්න අවම වන ආකාරයට ද කටයුතු කිරීමට පුද්ගලයන්ට හැකියාවක් ලැබෙනු ඇත. මෙහිදී දත්ත හා තොරතුරු යනු ලිඛිත දේ පමණක්ම නොවේ. අපගේ ජීවිත අත්දැකීම් ද ඵලදායි දත්ත හා තොරතුරු ලෙස හඳුනාගත හැකිය. අප සතු පෙර අත්දැකීම් ඇත්නම් ඕනෑම අවස්ථාවකට සහ අභියෝගයකට ඉතාමත් පහසුවෙන් මුහුණ දීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

 

අප සතු දත්ත හා තොරතුරු පුද්ගලයාට මෙන්ම සමාජයට ද වැඩදායි වන ලෙස යොදා ගැනීම වැදගත් වන අතර එය ජීවන පුරුද්දක් බවට ද පත්කරගත යුතුයි. ජනමාධ්‍ය මගින් නිරන්තරයෙන්ම මිනිසුන්ගේ ආර්ථික, සමාජීය සහ වෙනත් අවශ්‍යතා සඳහා තොරතුරු රැසක් ඉදිරිපත් කරනු ලැබේ. එම තොරතුරුවල අතිශයෝක්තිය, සත්‍ය අසත්‍ය බව, අව්‍යාජත්වය, විශ්වාසවන්තභාවය පිළිබඳව සැකමුසුතැන් නැතුවාම නොවේ. එබැවින් තොරතුරු භාවිතා කිරීමේදී විචාරශීලීව කටයුතු කිරීම පුද්ගලයන් වශයෙන් ඔබගේ යුතුකමකි.

 

විශේෂයෙන්ම වර්තමාන සමාජය තුළ බොහෝ මාධ්‍ය මගින් ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගෙන ජනප්‍රිය පුද්ගලයින් හා අවස්ථා යොදා ගනිමින් භාණ්ඩ හා සේවා සඳහා කරනු ලබන ප්‍රචාරන කටයුතුවලදී ඒවා කෙරෙහි වහල් නොවී බුද්ධිමත්ව කටයුතු කිරීම සහ තීරණ ගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම ආහාර පාන, විලාසිතා, තාක්ෂණික උපාංග ආදිය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. දත්ත හා තොරතුරු තම අවශ්‍යතා හා සමාජ අවශ්‍යතා වලදී ඒවා නිවැරදිව හා විචාරශීලීව පරිහරණය කිරීම වඩාත් වැදගත්. විශේෂයෙන් ම අන්තර්ජාල පරිහරණය සහ සමාජ වෙබ් අඩවි පරිහරණයේ දී බුද්ධිමත්ව කටයුතු කිරීම සහ තොරතුරු වල වහලෙකු නොවී කටයුතු කිරීමටද වගබලා ගත යුතුයි.

views

896 Views

Comments

arrow-up