Neuralink ව්‍යාපෘතිය මඟින් වීඩියෝ ක්‍රීඩා කරන වඳුරෙකුගේ වීඩියෝවක් මාධ්‍යට නිකුත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

Neuralink ව්‍යාපෘතිය මඟින් වීඩියෝ ක්‍රීඩා කරන වඳුරෙකුගේ වීඩියෝවක් මාධ්‍යට නිකුත් කරයි

Neuralink ව්‍යාපෘතිය මඟින් වීඩියෝ ක්‍රීඩා කරන වඳුරෙකුගේ වීඩියෝවක් මාධ්‍යට නිකුත් කරයි

ඊලෝන් මස්ක් ඔහුගේ නියුරාලින්ක් ව්‍යාපෘතියේ තවත් කඩ ඉමක් තබමින් මොළය තුල චීපයක් සවි කරන ලද වඳුරෙකු වීඩියෝ ක්‍රීඩා කරන වීඩියෝවක් සිකුරාදා දිනයේ මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

 

එහි දැක්වෙන ආකාරයට පේජර් නම් එම පිරිමි වඳුරා තම අත සහ මුඛය ආධාරයෙන් සරල වීඩියෝ ක්‍රීඩාවක නිරත වේ.

 

එහිදී එම සත්වයාගේ මොළයෙන් ලැබෙන දත්ත උපයෝගී කරගමින් මොළයේ ස්නායුක ක්‍රියාකාරීත්වය සහ මෙම චලන අතර යම් ගණිතමය සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.

 

මස්ක් ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ ඔහුගේ පළමු නියුරාලින්ක් නිෂ්පාදනය මඟින් අංශභාගය වැළඳී ඇති පුද්ගලයෙකුට, තම ඇඟිලි භාවිතයෙන් ජංගම දුරකතනයක් භාවිතා කරන සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩි වේගයකින් ජංගම දුරකතනයක් භාවිතා කිරීමට හැකි වනු ඇති බවයි.

 

 

2016 දී ඉලෝන් මස්ක් ඇල්සයිමර්, ඩිමෙන්ෂියාව සහ කොඳු ඇට පෙළේ තුවාල වැනි ස්නායු රෝග සුව කිරීමට සහ මානව වර්ගයා කෘතීම බුද්ධිය සමඟ සම්බන්ධ කිරීමට මොළය තුල රැහැන් රහිත චිප් සවි කිරීමේ නියුරාලින්ක් ව්‍යාපෘතිය මුල්වරට හඳුන්වා දුනි.

 

පසුව 2020 අගෝස්තු මාසයේදී නියුරලින්ක් චිප් එකක් මොළයට බද්ධ කරන ලද ඌරෙකු ද යොදා සාර්ථක පරීක්ෂණයක් සිදු කර තිබුණි.

 

 

views

913 Views

Comments

arrow-up