චීන සමාගමක් රියදුරන් රහිත කුලී රථ සමූහයක් එළි දක්වයි - (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

චීන සමාගමක් රියදුරන් රහිත කුලී රථ සමූහයක් එළි දක්වයි - (PHOTOS)

චීන සමාගමක් රියදුරන් රහිත කුලී රථ සමූහයක් එළි දක්වයි - (PHOTOS)

චීනයේ ප්‍රමුඛ අන්තර්ජාල සේවා සමාගමක් වන Baidu විසින් Apollo Go Robotaxis නම් රියදුරන් රහිත කුලී රථ සමූහයක් එළි දැක්වීම පසුගිය සඳුදා සිදු විය.

 

ඒ අනුව බීජිං නගරය ආශ්‍රිතව මෙහි පළමු අදියරය ක්‍රියාත්මක වන අතර නගර වැසියන්ට ඩොලර් 4.06 වැනි සුළු මුදලකට මෙම රථයක් වෙන් කරවා ගෙන ගමන් කිරීමේ හැකියාව පවතී.

 

එමෙන්ම මෙය සුක්කානමේ පිටුපස ආරක්ෂිත ධාවකයක් නොමැති චීනයේ පළමු ස්වයංක්‍රීය කුලී රථ වේ.

 

එළඹෙන 2022 ශීත ඔලිම්පික් උළෙලේ ප්‍රධාන ස්ථානය වන Shoungang උද්‍යානයේ ගමනාන්ත 8 ක් සඳහා මෙහි ගමන් සැලසුම් කර තිබේ.

 

මීට අමතරව 2022 ශීත ඔලිම්පික් උළෙලේ ක්‍රීඩාංගණ වලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කාර්යය මණ්ඩලය රැගෙන යාමට මෙම කුලී රථ සේවාව භාවිතා කිරීමට අපේක්ෂා කරයි.

 

 

 

 

 

 

 

 

views

1334 Views

Comments

arrow-up