ශබ්දයේ වේගයෙන් ගමන් කරන මගී ගුවන් යානා ලෝකයට පැමිණෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

ශබ්දයේ වේගයෙන් ගමන් කරන මගී ගුවන් යානා ලෝකයට පැමිණෙයි

ශබ්දයේ වේගයෙන් ගමන් කරන මගී ගුවන් යානා ලෝකයට පැමිණෙයි

ශබ්දයේ වේගයෙන් ගමන් කළ හැකි වාණිජ ගුවන් යානා මේ වන විට ලෝකයේ පවතින්නේ නැත. මීට පෙර භාවිතා කළ කොන්ග්වර්ඩ් යානා භාවිතයෙන් ඉවත් කළ නිසා වර්තමානයේ ශබ්දයේ වේගයෙන් ගමන් කරන මගී ගුවන් යානා දක්නට නොමැත. මේ යානා නිර්මාණය කිරීමට අධික පිරිවැයක් වැය වීම හා මෙම යානා මගින් සිදුවන අනතුරු වැඩි වීම නිසා එම යානා මීට පෙර භාවිතයෙන් ඉවත් කරන ලදී.


කෙසේ නමුත් නැවත ලෝකයට සුපර් සොනික් යානා හඳුන්වා දීමට Boom Super Sonic ආයතනය සමත් වී ඇත. ශබ්දයේ වේගය ඉක්මවා ගමන් කරන මෙම යානා Boom Super Sonic XB1 ලෙස නම් කර ඇත. මෙම යානයේ අවම වේගය පැයට 1200 Km/h ක් පමණ වේ. මේ යානයේ මංගල ගමන් වාරය ඔක්තෝබර් 7 වන දා ආරම්භ කරන බව Boom Super Sonic අයතනය පවසා ඇත. ලෝකේ ඕනෑම ගමනාන්තයකට ගමන් කිරීමට ගතවෙන කාලය හරි අඩකින් අඩු කිරීමට මෙම යානා වලට හැකි වන බව මෙහි නිර්මාණකරුවෝ පවසයි. එ් අනුව ඕස්ට්‍රේලියාවේ සිට ඇමරිකාවට ගමන් කිරීමට ගතවන කාලය පැය 8ක් පමණි. එසේම ඇමරිකාවේ සිට එංගලන්තයට පැය 3න් ගමන් කිරීමට මෙම යානයට හැකියාව ඇත. මගීන් 75කට ගමන් කළ හැකි මේ යානයට 2200 Km/h දක්වා උපරිම වේගයක් ලබාගත හැකිය. ලෝක ප්‍රසිද්ධ NASA, Space X, Air bus, වැනි ආයතන මේ යානය සෑදීමට සහාය ලබා දී ඇත.

 


කොන්ග්වර්ඩ් යානා වලට වඩා මෙම යානා ආරක්ෂිත බව පර්යේෂකයින් පෙන්වා දෙයි. 2000 වසරේ දී ප්‍රංශ ගුවන් සේවයට අයත් කොන්ග්වර්ඩ් යානාවක් අනතුරට පත්වීමත් සමග කොන්ග්වර්ඩ් ගුවන් යානා වල ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු විය. 2003 වසරේදී Delta ගුවන් සේවය විසින් අවසන් කොන්කෝඩ් ගුවන්යානය විශ්‍රාම ගන්වන ලදී. එතැන් සිට මේ දක්වා ලෝකයට Super Sonic යානා භාවිතා කරනු ලබන්නේ ප්‍රහාරක ගුවන් යානා ලෙස පමණි.


වර්තමානයේ නිර්මාණය කර ඇති මේ යානයට දැනටමත් ඇණවුම් 30 ක් ලැබී ඇත. ඒ ජපාන ගුවන් සේවය හා වර්ජීනියා ගුවන් සේවය මගිනි. මුලික අදියරේ දී යානා 1000 නිපදවීම Boom Super Sonic ආයතනයේ අපේක්ෂාව වී ඇත. මෙම යානා වලට ඇති සුවිශේෂීතාවය වන්නේ එය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී වීමයි. මෙම යානයේ අහිතකර කාබන් නිකුත් නොවන බව ද තහවුරු කර ඇත.


2025 දී ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයකින් ගමන් කිරීමට හැකි වන සේ මෙම යානා සංවර්ධනය කිරීමට අපේක්ෂා කරයි.

 

 

 

 

 

 

views

907 Views

Comments

arrow-up