අලුත් කළයුතු යෙදවුම් මුරපද
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

අලුත් කළයුතු යෙදවුම් මුරපද

අලුත් කළයුතු යෙදවුම් මුරපද

යෙදවුම් සඳහා මුරපද වෙනුවට ශක්තිමත් සත්‍යාපනය ලබා ගැනීමට කාලය එළඹ තිබේ. ආරක්ෂක විශේසඥයන් වසර ගණනාවක් තිස්සේ මුරපදවල අනරක්ෂිත බව ගැන පුරෝකථනය කර ඇත. පසුගිය වසරේදී බ්‍රව්සර් නිෂ්පාදකයින් වන ගූගල්, මයික්‍රොසොෆ්ට් සහ මොසිල්ලා වැනි ආයතන සිය පළමු අනුවාදය නිකුත් කිරීම සඳහා යූබිකෝ, ඩුඕ සිකියුරිටි සහ නොක් නොක් ලැබ්ස් ඇතුළු සත්‍යාපන ආයතන සමඟ අත්වැල් බැඳ ගත්හ. මෙම ප්‍රමිතිය මාර්ගගත සේවාවන් සමඟ දැඩි ලෙස ආරක්ෂාකාරී වන අතර විවිධ මුරපද රහිත තාක්ෂණයන් කිහිපයක් භාවිතා කිරීමට එහිදී ඉඩලබාදෙයි. කෙසේවෙතත්, මෙම උත්සාහය සඳහා තවත් සංවර්ධකයින් අවශ්‍ය වේ.

සත්‍යාපනය සඳහා මුරපද වලින් ඉදිරියට යාම පිළිබඳව සංවර්ධකයින් දැනගත යුතු ප්‍රධාන කරුණු සැලකීමේදී ව්‍යාපාරවලට මුරපද රහිත සත්‍යාපනය අවශ්‍ය වේ. අතීතයේ දී සමාගම් ජාල ආරක්ෂා කිරීමට උත්සාහ කළ අතර, ඔවුන් සාමාන්‍යයෙන් ජාලය තුළ සිට සම්බන්ධ වූ උපාංග වල සුරක්ෂිත බව පිළිබඳ විශ්වාස කළහ. කෙසේ වෙතත්, බොහෝ සමාගම් මෘදුකාංග හා සේවාවන් cloud system වෙත නැඹුරුවීමත් සමඟ ඒවාගේ ප්‍රමිතිය බොහෝ දුරට අඩු වී ඇත. ආරක්ෂක වාසි සම්බන්ධයෙන් තවදුරටත් ආරක්ෂිත ජාල ප්‍රමිතියක් මත විශ්වාසය තැබිය නොහැකි බව FIDO සන්ධානයේ ආරක්ෂක අවශ්‍යතා ක්‍රියාකාරී කණ්ඩායමේ සම සභාපති සහ නොක් නොක් ලැබ්ස් හි නිෂ්පාදන උප සභාපති රොල්ෆ් ලින්ඩෙමන් පැවසීය.

මෙලෙස මුරපද රහිත අනාගතයක් රඳා පවතින්නේ සංවර්ධකයින්ට ඔවුන්ගේ යෙදුම් වලට තාක්‍ෂණය ඇතුළත් කිරීමට උපකාර කිරීම මත බව මේ පිටුපස ඇති කර්මාන්ත සංවිධාන දනී. සමාගම් දැනටමත් මුරපද රහිත තාක්‍ෂණය විවිධ වෙබ් අඩවි සහ විවෘත මූලාශ්‍ර සමඟ ඒකාබද්ධ කර ඇති අතර එමඟින් ශක්තිමත් ආරක්ෂක පද්ධතියක් සත්‍යාපනය සඳහා සහාය විය හැකිය. ශක්තිමත් සත්‍යාපනය සඳහා දෘඩාංග උපාංග නිෂ්පාදකයෙකු වන යූබිකෝ, ජාවා, පයිතන් සහ සී. සඳහා සංවර්ධක මාර්ගෝපදේශයන් නිර්මාණය කර තිබේ. අවසානයේදී මේ සියළු දෙනාගේ ඉලක්කය වන්නේ සෑම ගිණුමකටම මුරපදයක් තිබීමේ අවුල්සහගත තත්වයෙන් ඉවත් වීමයි. password 2017 මුරපද කළමණාකරණ සමාගමක් වන ඩෑෂ්ලේන් විසින් කරන ලද එක් අධ්‍යයනයකින් හෙළි වූයේ සාමාන්‍ය අන්තර්ජාල පරිශීලකයන්ට ගිණුම් සැලකියයුතු ප්‍රමාණයක් ඇති බවයි. ඒ.අනුව මෙම ගිණුම් සඳහා මුරපද වෙනුවට වෙනත් ආදේශක නිර්මාණය කර භාවිතා කිරීම ආයතනික හා පුද්ගලික වශයෙන් වඩා ඉහළ කාර්‍යක්ෂමතාවයක් ඇති කිරීමට හා ආරක්ෂාව තහවුරු කිරීමට ඉවහල් වන බව අනාවරණය වේ.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

views

751 Views

Comments

arrow-up