රුධිරය කැටි ගැසීම ඉවත් කරන නව සොයාගැනීම
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

රුධිරය කැටි ගැසීම ඉවත් කරන නව සොයාගැනීම

රුධිරය කැටි ගැසීම ඉවත් කරන නව සොයාගැනීම

මේ විප්ලවීය නව සොයා ගැනීම හෙට දිනයේ දහස් ගණන් ජීවිත සුරකිනු ඇත. Megavac Catheter ශරීරයේ ඇතිවන රුධිර කැටිති ඉවත් කරන කැතීටරයක්.

රුධිරවාහිනී හරහා ගමන් කළ හැකි වයරයක් තමයි කැතීටරයක් වන්නේ. මතුපිටින් පාදාගත් රුධිරවාහිනියක් ඡේදනය කිරීමෙන් කැතීටරයක් ස්ථානයකට පාහේ ප‍්‍රවේශ කිරීම නම් සාමාන්‍ය සිද්ධියක්. රුධිර කැටිති ඇතිවීම මාරාන්තිකයි. ඒ නිසා රුධිර ගමනාගමනය අවහිර වීමෙන් ජීවිතය අතිශය අන්තරායකට ලක් වෙනවා. ලේ කැටි ගැසීම වළක්වන රුධිරය තුනී කරන ඖෂධ එවන් අවදානමක් ඇති අයට ලබා දෙනවා. මේ නිසා එවන් අවස්ථාවකදී ඉක්මණින් මැදිහත්වීමක් සිදු කිරීම ඉතාම අවශ්‍ය කාරණයක්. ලේ කැටි ගැසීමක් ඇති වුණාම එය විශාල එකක් නම් ශල්‍යකර්මයක් කළ යුතුමයි. Aspiration catheters baskets ආදී වශයෙන් යොදා ගන්නා විවිධ තාක්ෂණයන් තිබෙනවා.

මේ තාක්ෂණයන් අතරට මෑතකදී පිවිසී අති නව්‍ය තාක්ෂණයක්. මේ කියන සුවිශේෂී Megavac කැතීටරයේ අතයේ ෆනල් එකක් තියෙනවා. මුලින්ම ඒ ෆනලයෙන් රුධිර වාහිනිය අවහිර කරනවා. ඊට පස්සෙ ThromboWire නමැති සිහින් කට්ටිය කැටිය ඔස්සේ ගමන් කරනවා. මේ කිය කඩාගෙන එය ෆනල් විවරයටම ප්‍රවිෂ්ඨ කරවන අශයිනේ. ඒ සඳහා ThromboWire එක ප්‍රසාරණය කරන වෙනවා. මේකෙදී පරිවහනය සිදු වන්නේ රෝගියාගේ ස්වාභාවික රුධිර පීඩනයට උපයෝගී කරගෙනම වීම විශේෂත්වයක්. මින් ඉතා කාර්‍යක්ෂමව හා පහසුවට ලේ කැටිය ඉවත් කරගන්න මේ උපකරණය සමත් වෙනවා. ඒ වගේම පර්‍යන්ත වගේම කිරීටක සංසරනයටත් මේ තාක්ෂණය උපයෝගී කරගත හැකියි.

ඔබත් ලේ කැටි ගැසීමක පූර්ව ලක්ෂණ ගැන සැළකිළිමත් වෙන්න

අතක හෝ පාදයක නම් රත්පැහැ ගැනීම, උණුසුමක් ඇතිවීම, කෙණ්ඩා පෙරළීම, ඉදිමීම පර්යත රුධිර කැටියක් ඇති වීමක රෝග ලක්ෂණ වෙනවා. දරුණු පපුවේ අමාරුවක්, කැස්ස සමග පිටවීමක් වුණත් පුළුවන්. පාදයක ලේ මේ නිසා ඇති වෙන්න හෝ වෙනයම් ස්ථානයක ඇතිවන ලේ කැටියක් ඇතැම් වෙලාවට පරිවහනය වන රුධිරය ඔස්සේ හෘදයට ගියොත් එයත් අවදානම් තත්වයක්. එවන් අවස්ථාවකදී හෘදයේ සියුම් නාලයක් අවහිර වීමෙන් හෘදයාබාධයක් වුවත් ඇතිවෙන්න ඉඩ තිබෙනවා.

තරුණයින් අතරේ හා නිරෝගී පුද්ගලයන් අතරේ මෙවන් ලේ කැටි ගැසීම් විරලයි. ඒත් දුම් පානය කරන උදවිය අතරේ, ස්ථුල අය, ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ද්විත්වයම තිබෙන උපත් පාලන පෙති භාවිතා කරන කාන්තාවන් අතරේ, ඔත්පලව එක්තැන් අතරේ හදිසි වූ රෝගීන් ලේ කැටි ගැසීම් ඇති වෙන ඉඩක් තියෙනවා.ලේ කැටි ගැසීම් වළක්වන ඔබට කළ හැකි දේ ගැන දැනුවත් වෙන්න. ඊට
- ක්‍රියාකාරීව ජීවිතය ගත කරන්න
-ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න
-උසට සරිලන බරක් පවත්වා ගන්න
-සිගරට්, මත්පැන් පානයෙන් වළකින්න

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1634 Views

Comments

arrow-up