විද්‍යාඥයින් සොයාගත් අමුතුම ලෝහ වර්ග
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

විද්‍යාඥයින් සොයාගත් අමුතුම ලෝහ වර්ග

විද්‍යාඥයින් සොයාගත් අමුතුම ලෝහ වර්ග

ලෝහ පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝ කාලයකට දිව යනවා. අතීතයේ මිනිසා විසින් සොයා ගනු ලැබූ ලෝහ වර්තමාන සමාජයේ තාක්ෂණික දියුණුවත් සමඟ වේගයෙන් වෙනස්කම් වලට භාජනය වුණා. එසේ සොයා ගනු ලැබූ නවතම වර්ගය ලෝහ පිළිබඳ සටහනක් මෙහි දැක්වෙනවා.

නෙළුම් කොළ වන් ලෝහ

දෙදහස් පහළොවේ දී Gue නම් විද්‍යාඥයා විසින් ජලභීතික හෙවත් ජලය නොරැඳෙන පෘෂ්ඨයක් නිර්මාණය කිරීමට සමත් වෙනවා. ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව පත්‍රිකාව 2015 ජනවාරි මාසයේ දී journal of applied physics ජර්නලයේ පළ කර තිබුණු අතර එය ක්‍රියාත්මක වන අයුරු පිළිබඳ වීඩියෝ පට මාධ්‍යයට නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා. මෙහිදී පරීක්ෂකයන් විසින් ඉදිරිපත් කරන ලද ජලභීතික බවට පරිවර්තනය වන ලෙස ප්‍රතික්‍රියා කරනු ලැබූ පෘෂ්ඨය මත ජල බිංදුවක් පතිත කළ විට එය එහි නොරැඳී පොළවට පැනීම සිදු වෙනවා. මෙලෙස ජලභීතික පෘෂ්ඨය නිර්මාණය කිරීමට හැකිවීමේ විශේෂත්වය වන්නේ එය ඉතා විශාල යෙදීම ප්‍රමාණයකට යොදා ගැනීමට හැකිවීමයි.

උදාහරණයක් ලෙස අද නිවෙස් වල බහුලව භාවිතා කරන tefloan ආලේපනයක් සහිත භාජන වලට ඇත්තේ විශාල ඉල්ලුමක්. ආහාර ද්‍රව්‍ය භාජන පෘෂ්ඨය මත ඇලීමේ ස්වභාවය අඩුවීම මීට හේතුවයි. නමුත් ලේසර් ප්‍රතිකාර කළ මෙවැනි ද්‍රව්‍ය ඉතා පහසුවෙන් පිසීමට පිරිසිදු කිරීමට හැකි භාජන නිර්මාණය කිරීමට හැකි වීමට ඉඩ තියෙනවා. දරිද්‍රතාවයෙන් පෙලෙන තුන්වන ලෝකයේ දුෂ්කර රටවල මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට විවිධ පර්යේෂණවල කටයුතු වලට උරදෙන බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනමේ ආධාර ද මෙම පරීක්ෂණ වෙත ලැබි තියෙනවා. අපතේ හැරීමට නොහැකි තරම් වූ අඩු ජල මූලාශ්‍ර සහිත අප්‍රිකානු මහද්වීපය රටවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම පරීක්ෂණය හරහා පිරිසිදු කිරීමට එතරම් ජලය අවශ්‍ය නොවන වැසිකිලි ආදී නිපදවීම ඔවුන්ගේ එක් ඉලක්කයක් වෙනවා.

නොගිලෙන ලෝහ

මෙම ජලභීතික පෘෂ්ඨවල ගුණ සමග ගිනි කුහුඹුවන් හා ජල මකුළුවන් භාවිතා කරන ස්වභාවික ක්‍රම එක් කරමින් අපූරු සොයා ගැනීමක් කරන්න මෙම පරීක්ෂකයින් සමත්වී තියෙනවා. ඒ ජලයේ නොගිලෙන ලෝහයක් තනා ගැනීම. ජලය නොගිලෙන ලෝහයක් යැයි කීවාට එය සාමාන්‍ය ලෝහයක් වන අතර ජලය නොගිලීමේ ගුණය එය අත්පත් කරගෙන තිබෙන එය සකසා ඇති අපූරු ව්‍යූහයත් සමගයි. පරීක්ෂකයන් තම සොයාගැනීම ඉදිරිපත් කර ඇති ලෝහ කැබැල්ල මැදින් කුඩා කුළුණකින් යා කරන ලද කාසි දෙකක් බදුයි. මෙම වෘත්තාකාර ලෝහ කැබලි දෙක එකිනෙක මුහුණලා ඇති පෘෂ්ඨ දෙක ජලභීතික වන ලෙස ප්‍රතිකර්ම මගින් සකසා තිබෙනවා. මේවා වෙන්වී ඇත්තේ ඉතා කුඩා පරතරයන්ගෙන්.

මෙම ලෝහ ව්‍යුහය භාවිතා කිරීමෙන් නොගිලෙන සුළු යාත්‍රා ඉදිරියේදී සැකසීමට හැකි වන බව විශ්වාස කෙරෙනවා. එය මෙම සොයා ගැනීම භාවිතා කළ හැකි එක් යෙදුමක් පමණයි. තවත් එවැනි යෙදුම් බොහොමයක් අනාගතයේදී බිහිවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1084 Views

Comments

arrow-up