වේදනා රහිත ස්වයං මරණයක් සිදුකරගැනීමට ස්විස්ටර්ලන්තයෙන් යන්ත්‍රයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

වේදනා රහිත ස්වයං මරණයක් සිදුකරගැනීමට ස්විස්ටර්ලන්තයෙන් යන්ත්‍රයක්

වේදනා රහිත ස්වයං මරණයක් සිදුකරගැනීමට ස්විස්ටර්ලන්තයෙන් යන්ත්‍රයක්

වේදනා රහිතව ස්වයං මරණයක් සිදුකරගැනීමට ස්විස්ටර්ලන්තයේ එක්සිට් ඉන්ටනැෂනල් නම් සමාගමක් විසින් නව යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා.

 

මිනී පෙට්ටියක හැඩය සහිත මෙම කැප්සියුලය සඳහා ස්විස්ටර්ලන්ත රජය විසින් අවසර ලබා දී තිබීමද විශේෂත්වයක්.

 

Sarco ලෙස නම් කර ඇති මෙම යන්ත්‍රයෙන් සිදුවන්නේ කෙටි කාලයක් තුළ ඔක්සිජන් ප්‍රමාණය අඩු කර, hypoxia සහ hypocapnia යන තත්ත්වයන් වලට පුද්ගලයා පත් කිරීමයි.

 

යන්ත්‍රය නිපදවූ සමාගම පවසන්නේ මෙය එම පුද්ගලයාට කිසිදු දැනීමක් සිදු නොවන අතර, තත්පර 30ක් වැනි කාලයක් තුලදී මියයෑමට සලස්වන බවයි.

 

ශරීරය සම්පූර්ණයෙන්ම පණ නොමැති අංශභාග තත්ත්වයකට පත්වූ අයෙකුටද, මෙම කැප්සියුලය තුළට පිවිස තම දෑස් මගින් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමටද මෙහිදී අවස්ථාව ලබා දී තිබෙනවා.

views

1002 Views

Comments

arrow-up