අයහපත් මතකයන් නැති කල හැකි අපුරු සොයාගැනිම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

අයහපත් මතකයන් නැති කල හැකි අපුරු සොයාගැනිම

අයහපත් මතකයන් නැති කල හැකි අපුරු සොයාගැනිම

කුඩා කල පටන් වැඩිහිටිවිය දක්වා ජීවිතයේ අත්විදින සුන්දර මතකයන් මෙන්ම වේදනාකාරී අත්දැකීම් ද අපි හැමෝගෙම මතකයන් වල ගැබ් වෙලා තියෙනවා. ඉතින් ඒ මතකය අළුත් වැඩියා කර ගන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ එය කරනවද ?


විද්‍යා ප්‍රබන්ධයක් වගේ ඇහුනත් ඇත්තටම අයහපත් මතකයන් ඉවත් කරලා ඒ වෙනුවට හොඳ මතකයන් තැන්පත් කළ හැකිදැයි සෙවීමට විශේෂඥයින් සාර්ථක පරීක්ෂණ ගණනාවක් මේ වෙනකොට සිදු කරලා තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ මේවායින් ලබා ගන්නා ප්‍රතිඵල අල්ශයිමර්ස් ස්නායු රෝගී තත්ත්වයෙන් පෙලෙන්නන්ටද Post - traumatic stress disorder නමින් හඳුන්වන විවිධ කම්පන නිසා මානසික රෝගී තත්ත්ව ඇති වී තිබෙන රෝගීන්ට ද ප්‍රයෝජනයක් වීමට සැලැස්වීමයි. මීයන් යොදාගෙන තමයි දැනට මේ පරීක්ෂණය සිදුකර තිබෙන්නේ. එසේ ම ඉක්මණින් මිනිස්සු යොදාගෙන මේ පරීක්ෂණ සිදුකළ හැකි බවටත් ඔවුන් විශ්වාස පළ කරනවා.
 


මතකය යනු  - ස්නායු විශේෂඥ steve ramirez කියන විදිහට මතකය කියන්නේ මොළයේ එක් තැනක ඇති දෙයක් නොවේයි. එය ජාලයක් ලෙස තැන් තැන්වලින් පෙනීම, ඇසීම ,දැනීම වැනි තොරතුරු ලබාගෙන සෑදෙන අත්දැකීමකට සමාන කරන්න පුළුවන්.


 දෙයක් මතකයට එන හැම අවස්ථාවකම ඒවා 100%ම නිවැරදි නොවන බවත් අලුතෙන් මොළයට එක් වන අදහස් / මතකයක් හෝ අත්දැකීමක් (brainwashing ) නිසා මුලින් ගැබ්වෙලා තියන මතකයන් වෙනස් වීය හැකි බවද විද්‍යාඥයින් පවසනවා.

 


Optogenetics ක්‍රමය යොදාගෙන මීයන් අත්විදි බියක් එක්ක බැඳුණු නරක මතකයක් ඔවුන් මකා දමා තිබුණා. එක කලේ මෙහෙමයි ,
එක් එක් වෙලාවන්වලදි මීයන්ගේ මොළයේ ක්‍රියාකාරී වන ස්නායු මොනවද කියලා මුලින්ම සටහන් කරගන්නවා. පස්සේ ඒ ස්නායු ආලෝක සංවේදී ඒවා බවට පත්කරනවා. ඉන්පස්සෙ ලෙසර් ක්‍රමයකින් අවශ්‍ය වෙලාවට මෙසේ ලකුණු කරගත් ස්නායු ක්‍රියාකාරී කරවලා ඒවාට අදාළ මතකය මීයන්ට ලබා දෙනවා. ඒ කියන්නේ මේ ක්‍රමයෙන් පුළුවන් හොඳ මතක නරක ඒවා වලින් වෙන් කරලා අවශ්‍ය වෙලාවට ලබාදෙන්න.
 වසර කිහිපයකට පෙර ඇමරිකාව IMTහි විද්‍යාඥයන් විසින් මීට සමාන දෙයක් කරල තිබුණා. සාර්ථකව මීයන්ගේ මතකයන් වෙනස් කිරීමට එහිදී  ඔවුන්ට හැකිවී තිබුණා.

මේ ටික ලිව්වෙ ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා දැනගන්න උනන්දුවක් දක්වන අයටයි.


මොළයක ස්නායු වැඩ කරන්නේ හරියට විද්‍යුත් පරිපථයක් වගේ. මිනිස් මොළය ගත්තම මේක තවත් සංකීර්ණයි .ඉතින් මේ optogenetics වලින් වෙන්නේ ඒ ස්නායු පරිපථය හොඳින් තේරුම් කරගෙන එය ඕනෑ ඕනෑ විදිහට හැසිරවීමයි. Optogenetics ඇත්තටම ස්නායු විද්‍යාවේ සෑහෙන්න වැදගත් සොයා ගැනීමක් කියලයි කියන්නේ.


 මොනවද Optogenetics වලදී වෙන්නේ?


 මේකෙන් කරන්නේ මොළයේ අපට අවශ්‍ය ස්නායුවක් අවශ්‍ය වෙලාවට on /off කිරීමයි. එක කරන්නේ මුලින්ම අදාල ස්නායුව ආලෝක සංවේදී එකක් බවට පත් කරනවා පුංචි ප්‍රෝටීනයක් (opsin) බද්ධ කරලා. ඉතිං මේ opsin වලට පුළුවන් ආලෝකය විද්‍යුත් තරංග බවට හරවන්න. ස්නායුවක්  වැඩ කරන්නේ විද්‍යුත් තරංග වලිනුයි. පස්සේ වැඩේ හරිම ලේසියි. ලයිට් එලිය දෙන නොදෙන එක මත ඒ ස්නායුව වැඩ කරන එක පාලනය වෙනවා. ඉතින් මතකය විතරක් නෙමෙයි , ස්නායුවලින් නේ අපේ දේහයේ හැමදෙයක්ම වගේ වෙන්නේ. ඒ හැමදේයක්ම වගේම optogenetics  මගින් පාලනය කිරීමට හැකියාවක් තියෙනවලු තර්කානුකූල බැලුවොත්. ලේසියට ලිව්වට මේක හරිම අසීරු බාධක පිරි කාර්යයක්. මේවා ගොඩක් ඒවා තවමත් පර්යේෂණ මට්ටම් වල තියෙන්නෙ ඒකයි.

 

 

 

 

 

 

 

 

views

1373 Views

Comments

arrow-up