වැස්සට සේදුනු තරඟය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්ථානයේ සුදුසුකම තහවුරු කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

වැස්සට සේදුනු තරඟය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්ථානයේ සුදුසුකම තහවුරු කරයි

වැස්සට සේදුනු තරඟය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්ථානයේ සුදුසුකම තහවුරු කරයි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්ව තිබෙනවා.

 

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සමග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ  පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමගයි.  

 

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබන කණ්ඩායම් ගණන 8 ක්.

 

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එම තරගාවලියට සුදුසුකම් ලබාගත්තේ එහි 7 වන කණ්ඩායම ලෙසයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා සිටින සෙසු කණ්ඩායම් වන්නේ ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව, බංග්ලාදේශය සහ පකිස්තානයයි.


ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඍජුව සුදුසුකම් ලබාගැනීමට තවත් එක් කණ්ඩායමකට අවස්ථාව පවතිනවා.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලකුණු සටහන අනුව දැනට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 8 වන ස්ථානයේ රැදී සිටිනවා.

 

අයර්ලන්තය 9 වන ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකාව රැදී සිටින්නේ 10 වන ස්ථානයේයි.

 

දකුණු අප්‍රිකාව 11 වන ස්ථානයේ රැදී සිටින අතර 12 වන සහ 13 වන ස්ථානවල පිළිවෙලින් රැදී සිටින්නේ  සිම්බාබ්වේ සහ නෙදර්ලන්තයයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඍජුව සුදුසුකම් ලබාගැනීමට අදාළව ක්‍රීඩා කිරීම සදහා ඉතිරිව ඇත්තේ තවත් තරග 4 ක් පමණයි.

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අදාළ සියළු තරග ක්‍රීඩා කර අවසන්. ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට තවත් තරග 8 ක් ඉතිරිව තිබෙනවා.


අයර්ලන්තයට සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට තරග 3 බැගින් ඉතිරිව ඇති අතර නෙදර්ලන්තයට තවත් තරග 5 ක් ඉතිරිව පවතිනවා. 


පවතින තත්ත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ඍජුව සුදුසුකම් ලැබීමට පවතින්නේ ඉතා අවම අවස්ථාවක්.

 

මුල් කණ්ඩායම් අට අතරට එක්වීමට නොහැකි වන කණ්ඩායම්   5 ට සුදුසුකම් ලැබීමේ තරගයට මුහුණදීමට සිදුවනවා.

 

එම වටයේ පළමු සහ දෙවන ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් දෙකකට 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් පවතිනවා. 

views

142 Views

Comments

arrow-up